වැල්ලම්පිටිය වෙහෙරගොඩ කනිෂ්ඨ විද්‍යාලයේ ජල කරාම සවි කළ කොන්ක්‍රීට් බැම්ම කඩා වැටීමෙන් පළමු ශ්‍රේණියේ ඉගෙනුම ලැබු සිසුවියක මිය යාම සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්විම සඳහා කමිටුවක් පත් කර ඇති බව බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා පවසයි.
ඔහු සඳහන් කළේ, බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් ප්‍රදිප් යසරත්න මහතාට ඒ සම්බන්ධයෙන් උපදෙස් ලබාදුන් බවයි.
අදාළ වාර්තාව සතියක් ඇතුළත ලැබුණු පසු වැරදිකරුවන්ට එරෙහිව අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව ආණ්ඩුකාරවරයා සඳහන් කළේ ය.
කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා සඳහන් කළේ, අනතුරින් තුවාල ලැබු තවත් සිසුවෙකු අසාධ්‍ය තත්ත්වයේ සිටින බවයි.
සිද්ධියෙන් තුවාල ලැබු දරුවන් 05 දෙනෙකු මේ වන විටත් ජාතික රෝහලේ ප්‍රථිකාර ලබයි.
වැල්ලම්පිටිය වෙහෙරගොඩ කනිෂ්ඨ විද්‍යාලයේ දරු දැරියන්ට ජලය ලබා ගැනීම සඳහා ජල කරාම සවි කළ බැම්ම ඉදි කර තිබුණේ කොන්ක්‍රීට්වලින් සකස් කළ සින්ක් එකක් සහිතවයි.
පාසලේ පළමු ශ්‍රේණි ගොඩනැගිල්ල ඉදිරිපිට එය ඉදි කර තිබුණු අතර පාසල් විවේක කාලයේ ඒ අසලට පැමිණි දරු දැරියන් පිරිසක් මතට එය කඩා වැටීමෙන් මෙම අනතුර සිදුව තිබිණ.