වෙළෙඳ පොළේ අලෙවි කිරීමට තිබෙන බොහෝ තක්කාලි සෝස් වර්ගවල තක්කාලි සුළු වශයෙන්වත් අඩංගු නොවන බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් කළ වැටලීම්වලදී හඳුනාගෙන තිබේ.
ඇතැමුන් කහ කුඩු සහ මිරිස් කුඩුවලට පවා වර්ණක එකතු කර ඇති බව වැටලීම්වලදී අනාවරණය වූ බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කියා සිටී.
මේ අතර, නිසි පමණට වඩා වර්ණක දැමූ මිරිස් කුඩු, පිටි, තක්කාලි සෝස් සහ සුදු සීනි වැනි ආහාර ද්‍රව්‍ය අලෙවියට තබා තිබූ වෙළෙඳුන් තිස් දෙනකුට පමණ නඩු පැවරූ බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික ඩබ්ලිව්.ඩී. රොෂන් කුමාර පැවසීය.
මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ට ලද පැමිණිලි මත දිවයින පුරා සිදුකළ වැටලීම්වලදී එම පිරිස බව හඳුනාගත් බව ද හෙතෙම කීවේය.
පරිභෝජනයට නුසුදුසු ආහාර ද්‍රව්‍ය අලෙවි කරන පුද්ගලයන් සොයා අඛණ්ඩව වැටලිම් සිදුකරන බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය වැඩිදුරටත් සඳහන් කළේය.