පුවත්

වෛද්‍යවරු 2500ක් බඳවගන්න මුදල් අමාත්‍යංශයේ අවසර ඉල්ලයි!

Published

on

අලුතින් වෛද්‍යවරු 2500 ක් බඳවා ගැනීම සඳහා මුදල් අමාත්‍යාංශයේ අනුමැතිය ඉල්ලා ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍ර ගුප්ත මහතා කියයි.

ඒ අනුව ඉදිරියට වෛද්‍යවරුන්ගේ හිඟයක් ඇති නොවන බවද ලේකම්වරයා අවධාරණය කරයි.

කෙසේවුවද, මේවන විට සමහර ක්ෂේත්‍රවල විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිඟයක් පවතින බව ඔහු පිළිගෙන තිබේ.

ඇතැම් වෛද්‍යවරු රට ඇතහැර ගොස් හා නිවාඩු දමා විදේශගතව ඇති බවද ලේකම්වරයා කියා සිටී.

රජයේ වියදමින් විදේශ අධ්‍යාපනය හැදැරීමට ගොස් නැවත මෙරටට නොපැමිණෙන අය ට එරෙහිව නඩු පැවරීමට පියවර ගන්නා බව ද ලේකම්වරයා පවසයි.

Trending

Exit mobile version