පුවත්

වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා රෝහලෙන් පිටවෙයි (Update)

Published

on

කොළඹ ජාතික රෝහලේ සේවකයන් පැය 06කට ආසන්න කාලයක් කාර්යාල අඩස්සියේ තබාගෙන සිටි එම රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා අද (16) සවස රෝහලෙන් පිට කිරීමට කටයුතු කළ බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතාට විරෝධය දක්වමින් අද පස්වරු 1.15 ට පමණ එම රෝහලේ සේවකයින් පිරිසක් ඒ මහතාගේ කාර්යාලය වට කර විරෝධයක නිරත විය.

කොළඹ ජාතික රෝහලේ දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන තිබුණු අතර, එම තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිස් කැරලි මර්දන ඒකකය කැඳවා තිබුණි.


(පෙර පුවත 2023 පෙබරවාරි 16, ප.ව.2:54)

වෛද්‍ය බෙල්ලනගේ කාර්යාලය වට කරයි

කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ වෛද්‍ය රුක්‍ෂාන් බෙල්ලන මහතාගේ කාර්යාලය පිහිටි ස්ථානයට වටකරගෙන එම රෝහලේ සේවකයන් පිරිසක් විරෝධතාවක නිරතව සිටින බව වාර්තා වේ.

එම ස්ථානයේ සුළු සේවකයෝ 500කට අධික පිරිසක් එක්ව සිටින බවත්, ඒ හේතුවෙන් ඒ මහතාට කාර්යාලයෙන් පිටවීමට නොහැකි තත්වයක් උද්ගත වී ඇති බවත් පැවසේ.

Trending

Exit mobile version