ක්‍රීඩා විශේෂඥ වෛද්‍ය මහාචාර්ය සිරි කන්නංගර මහතා ඔස්ට්‍රේලියාවේදී අභාවප්‍රාප්ත වී තිබේ.
හොරණ ප්‍රදේශයේ උපත ලබා කොළඹ රාජකීය විද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය හැදෑරූ සිරි කන්නංගර මහතා
ශ්‍රී ලංකාවෙන් බිහි වූ කීර්තිමත් වෛද්‍යවරයෙක් ලෙස සැලැකේ.
කන්නංගර මහතා 1977 වසරේ සිට පදිංචිව සිටියේ ඔස්ට්‍රේලියාවේදී ය.
ක්‍රීඩා වෛද්‍ය විද්‍යාව හා රක්තවේදය පිළිබඳව ජාත්‍යන්තර කීර්තියක් උසුලන ඔහු ,බාර්සිලෝනා හා ඇට්ලන්ටා ඔලිම්පික් උළෙලවලද ක්‍රීඩා වෛද්‍ය විශේෂඥයෙකු ලෙස කටයුතු කර තිබේ.
සිරි කන්නංගර මහතා ජාත්‍යන්තර මට්ටමේ ඉහළ දක්ෂතා ප්‍රදර්ශනය කළ ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ද විවිධාකාර ගැටලුවලට මුහුණ දුන් අවස්ථාවලදී ඔවුන් වෙනුවෙන් පෙනී සිටි අයකු සේ සැලැකේ.
විශේෂයෙන් මුත්තයියා මුරලිදරන්ගේ පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බවට චෝදනා එල්ල වූ අවස්ථාවේදී පවා සිරි කන්නංගර මහතා ඔහු වෙනුවෙන් පෙනී සිටියේ ය.