ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් 100 දෙනෙකුගේ පමණ හිඟයක් පවතින බවත් මේ හේතුවෙන් රෝගී සත්කාරක සේවා පවත්වාගෙන යෑම ගැටලුවක් වී ඇති බවත් වාර්තා වේ.
දැනට එහි සිටින්නේ වෛද්‍යවරු 460 දෙනෙකු පමණක් වුවත් රෝහල සඳහා අනුමත වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාව 556කි.
මීට හේතුව වී ඇත්තේ ඇතැම් වෛද්‍යවරුන් විදේශ ගත වීම බව එම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය එස්.පී.යූ.එම්. රංග මහතා ප්‍රකාශ කළේය.
වෛද්‍යවරුන්ගේ මෙම හිඟය නිසා රෝහලේ අලුතින් ඉදිකර ඇති ශල්‍යාගාරය සහ දැඩි සත්කාර ඒකකය විවෘත කිරීමට නොහැකි වී ඇති බවද රෝහල් අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.