පුවත්

වෛරී ප්‍රකාශවල ගොදුරක් වී නීතිය අතට ගන්න එපා – ටිරාන්

Published

on

වෛරී ප්‍රකාශවල ගොදුරක් වී නීතිය අතට ගෙන කටයුතු නොකරන්නැයි මහජන ආරක්ෂක අමාත්‍යවරයා වතුකරය ඇතුළු සමස්ත ජනතාව ගෙන් ඉල්ලීමක් කර තිබේ.

අමාත්‍යවරයා මෙසේ පවසා ඇත්තේ වතුකරයේ වූ සිද්ධියක් සම්බන්ධයෙන් මහජන නියෝජිතයකු විසින් පසුගිය ඉරිදා දින සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙනි.

ඇතැම් දේශපාලකයන් ජන කොටස් වල ඡන්ද ලබාගැනීමේ පටු අරමුණ ඇතිව කරන ප්‍රකාශවල ගොදුරක් වී යම් අයකු නීතිය අතට ගෙන ක්‍රියා කරන්නේ නම් හෝ එවැනි තත්වයක් ඇති කිරීම සඳහා අනුබල දෙන්නේ නම් ඒ ඕනෑම පුද්ගලයෙකුට හෝ සංවිධානයකට එරෙහිව තරාතිරම නොබලා නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව මහජන ආරක්ෂක අමාත්‍යවරයා අවධාරණය කර සිටියි.

අමාත්‍යවරයා විසින් නිකුත් කළ සම්පූර්ණ නිවේදනය මෙසේය :

Trending

Exit mobile version