ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මන්නාරම, සවුත්බාර් වෙරළ ප්‍රදේශයේ ඊයේ (19) දින සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, එම මුහුදු ප්‍රදේශයේ නීති විරෝධී ලෙස පුපුරණ ද්‍රව්‍ය භාවිතා කරමින් ධීවර කටයුතු සිදුකිරීම සඳහා සූදානමින් සිටි පුද්ගලයින් 05ක්, වෝටර් ජෙල් නමැති වාණිජ පුපුරණ ද්‍රව්‍ය කූරු13ක් සමඟ ඩිංගි යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගෙන ඇත.
මෙලෙස පුපුරණ ද්‍රව්‍ය භාවිතයෙන් සිදු කරනු ලබන නීති විරෝධී ධීවර කර්මාන්තය හේතුවෙන් සාගරික පරිසර පද්ධතියට සිදුවන හානිය වැළැක්වීම සඳහා නාවික හමුදාව නිරන්තර සෝදිසි මෙහෙයුම් සිදු කරනු ලබන අතර, මෙම පුද්ගලයන්ද අත්අඩංගුවට ගෙන ඇත්තේ එවැනි විශේෂ සෝදිසි මෙහෙයුමකදීය.
මෙලෙස අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් වයස අවුරුදු 21 – 41ත් අතර වයසේ පසුවන මන්නාරම ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.
එමෙන්ම එම පුද්ගලයින් සමඟ නාවික හමුදා භාරයට ගැණුනු ඩිංගි යාත්‍රාව හා පුපුරණ ද්‍රව්‍ය පිළිබඳ ඉදිරි නීතීමය කටයුතු මන්නාරම පොලීසිය විසින් සිදුකරනු ලබයි.
(මූලාශ්‍රය හා ඡායාරූප : navy.lk)