පුවත්

“ශක්තිමත් ප්‍රජාවකට ආපදා අවදානම අවම වීම අතිශය වැදගත්” – ආරක්ෂක ලේකම්

Published

on

මෑත කාලයේදී, ස්වාභාවික හේතුන් මත ඇති වූ හා මිනිසා විසින් ඇති කරන ලද ආපදාවන්ගේ සංඛ්‍යාතයේ සහ තීව්‍රතාවයේ වැඩි වීමක්  දැකිය හැකි බව ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මහතා පවසයි.

කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ ඊයේ (16) පැවැති 67 වැනි ජාතික ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ කමිටුවේ පිළිගැනීමේ කතාව පවත්වමින් ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මහතා මෙම අදහස් පළ කලේය.

මෙහිදී ඔහු වැඩිදුරටත් මෙසේ පැවසීය,

“ජාතික ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ කමිටුව ඔස්සේ ආපදා අවදානම් අවම කිරීමේ ක්‍රියාකාරකම් සඳහා පාර්ශවකරුවන් අතර ප්‍රතිපත්ති සම්පාදනය, උපාය මාර්ගික සැලසුම් සකස් කිරීම සහ ඵලදායී සම්බන්ධීකරණය සඳහා තීරණාත්මක වේදිකාවක් සලසනු ලබයි. ආපදා කළමනාකරණය සඳහා වන ජාතික සභාව හරහා ආපදා කළමනාකරණය සඳහා ජාතික මට්ටමින් හා ඉන් ඔබ්බට විහිදුනු සන්නිවේදන සඳහා අප පහසුකම් සපයන්නෙමු.”

රැස්වීම අතරතුර ජාතික ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ කමිටුවේ නිල ලාංඡනය එළි  දැක්වීම ද ආරක්‍ෂක ලේකම්වරයා අතින් සිදුකෙරිණ.

“Renewed commitments, strengthening partnerships towards a resilient community” යන තේමාව යටතේ ආපදා සඳහා ඔරොත්තු දීමේ හැකියාව ඉහළ නැංවීමේ අරමුණින්, ලෝක ආහාර වැඩසටහනේ පුර්ණ සහයෝගය සහිතව මෙම හමුව පවත්වන ලදි.

ඒ අනුව, මෙම සැසිය හරහා ආපදා අවදානම අවම කිරීමේ ක්‍රියාවලීන්ට සම්බන්ධ සියලුම පාර්ශ්වකරුවන් අතර සහයෝගීතාව වර්ධනය කිරීමට හා ශක්තිමත් කිරීමට ජාතික මට්ටමේ සංවාදයක් සඳහා අවස්ථාව සපයයි.

Trending

Exit mobile version