Connect with us

පුවත්

ශවේන්ද්‍ර හා ත්‍රිවිධ හමුදාපතිවරුන්ගේ සේවා දිගුව ඉවරයි !

Published

on

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ශවේන්ද්‍ර සිල්වා මහතා ඇතුළු යුද, ගුවන් හා නාවික හමුදාපතිවරුන්ගේ සේවා දිගු දෙසැම්බර් 31 වැනිදා අවසන් වීමට නියමිත අතර ඔවුන්ට තවදුරටත් සේවා දිගු ලබාදෙන්නේද නැතහොත් එම තනතුරු වලට වෙනත් අය පත් කරන්නේද යන්න පිළිබඳ තීරණයන් ආරක්ෂක ඇමතිවරයා ලෙස ජනාධිපතිවරයා මෙතෙක් එම ධුර දරන්නන්ට දැනුම් දී නැතැයි වාර්තා වේ.

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඔහු යුද හමුදාපති ධුරයේ සිටියදීම 2020 වසරේදී එම තනතුරට පත්කරනු ලැබූ අතර 1964 ජුනි 22 උපන් ඔහුගේ වයස මේ වනවිට අවුරුදු 60 ඉක්මවා තිබේ. 

ඔහු යුද හමුදාපති ධුරයට පත්වීමට පෙරද හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ලබාදුන් සේවා දිගුවක් මත යුද හමුදාවේ කටයුතු කළේය.

යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතා සිටින්නේද සේවා දිගුවක් මත වන අතර දෙසැම්බර් 31 වැනිදාට ඔහු අවුරුදු 57 සම්පූර්ණ කරයි.

නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතා සේවා දිගුවක් මත කටයුතු කරන අතර ඔහු එම ධුරයට පත්වී තිබුණේ 2022 දෙසැම්බර් 18 වැනිදාය.

ගුවන් හමුදාපති එයාර් මාෂල් උදේනි රාජපක්ෂ මහතා සේවා දිගුවක් මත කටයුතු කරන අතර ලබන වසරේ ජනවාරි 29 වැනිදා ඔහු වයස අවුරුදු 56 සම්පූර්ණ කරයි.

විශ්‍රාම යන යුද, ගුවන් හෝ නාවික හමුදාපතිවරයකු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ධුරයට පත් කිරීම මෙතෙක් පත්වාගෙන ආ ක්‍රමය වූ අතර යුද, ගුවන් හා නාවික හමුදාපතිවරුන්ට තවදුරටත් සේවා දිගු ලබා නොදි ඉන් අයකු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ධුරයට පත් කරයි ද යන්නද නිශ්චිතව ජනාධිපතිවරයා දැනුම් දී නැතැයි අපගේ ආරක්ෂක අමාත්‍යාංශ මූලාශ්‍ර ප්‍රකාශ කරයි.

එමෙන්ම එම ධුරය තවදුරටත් පවත්වා ගෙන යනවාද නැද්ද යන්න පිළිබඳව මෙතෙක් තීරණය කර නැති බවද පවසයි.

යුද හමුදාපතිවරයාට තවදුරටත් සේවා දිගුවක් නොලැබුණහොත් එම ධූරය සඳහා වත්මන් යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් දිනේෂ් නානායක්කාර මහතා, යුද හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් ලසන්ත රොද්‍රිගු මහතා හා ගජබා දෙපාර්තමේන්තුව නියෝජනය කරන මේජර් ජෙනරාල් චන්දන වික්‍රමසිංහ මහතා ඉදිරියෙන් සිටින බව වාර්තා වේ.

(අනිද්දා) 

පුවත්

අද සිට ක්‍රියාත්මක “රැකියා සඳහා විදේශ ගතවීමේදී බලපාන නීතිය”

Published

on

By

ස්වයං මාර්ගයෙන් කර්මාන්ත හා ආයතනික අංශයේ රැකියා සඳහා විදේශ ගතවීමේදී අදාළ ශ්‍රමිකයාගේ රැකියා ගිවිසුම අදාළ රටේ ශ්‍රී ලංකා දූත මණ්ඩල කාර්යාලය මඟින් සහතික කිරීම අද සිට (01) ක්‍රියාත්මක කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ, පසුගිය ජූනි මස 07 සිට මෙය ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබුණද, එය අද දක්වා කල් තැබුණු බවය.

නව සංශෝධනයට අනුව සෞදි අරාබිය, කුවේටය, බහරේනය, කටාර්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඕමාන්, ඊශ්‍රායලය, ජෝර්දානය, ලෙබනනය, මාලදිවයින, මැලේසියාව, සිංගප්පූරුව හා දකුණු කොරියාව යන රටවල් 13 වෙත කර්මාන්ත හා ආයතනික අංශයේ රැකියා සඳහා ස්වයං මාර්ගයෙන් යොමුවීමේදී කාර්යාංශ ලියාපදිංචිය ලබාගැනීම සඳහා තම සේවා ගිවිසුම එම රටවල පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩලවල පිහිටි කම්කරු හා සුභසාධන අංශ මඟින් සහතික කරගත යුතු අතර, ඒ සඳහා ගාස්තුව වශයෙන් අමෙරිකානු ඩොලර් 60ක මුදලක් ගෙවිය යුතු වේ.

වෘත්තීය කාණ්ඩයේ රැකියා සඳහා නව සේවා ගිවිසුමක් සහිතව ස්වයං මාර්ගයෙන් විදේශ ගතවන වෘත්තිකයින් හට, කාර්යාංශ ලියාපදිංචිය ලබාගැනීමේදී ඔවුන්ගේ වෘත්තියභාවය සඳහන් විදේශ ගමන් බලපත්‍රය හෝ අදාළ රැකියාවේ වෘත්තීයභාවය සනාථ කළ හැකි ලියවිලි ඉදිරිපත් කිරීමට හැකි නම්, රැකියා ගිවිසුම ශ්‍රි ලංකා දූත මණ්ඩල කාර්යාලය මඟින් සහතික කරගැනීම අවශ්‍ය නොවේ.

පසුගිය සමයේ මිනිස් ජාවාරම් හේතුවෙන් ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් විදේශ රටවලදී විවිධ අපහසුතාවයන්ට ලක්වූ අතර, එම ගැටලුවලට පිළියමක් ලෙස ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් සුරක්ෂිතව විදේශ රැකියා සඳහා යොමුකිරීම අරමුණු කරගනිමින් මෙම තීරණයට කාර්යාංශය එළැඹී තිබේ.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

හර්ෂ ඉලුක්පිටිය වරද පිළිගනී

Published

on

By

විද්‍යුත් වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලියට අදාළව අධිකරණය විසින් නිකුත් කළ නියෝගයක් ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම තුළින් අධිකරණයට අපහාස කළේ යැයි  චෝදනා ලබා සිටින ආගමන සහ විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය මහතා කොන්දේසි විරහිතව වරද පිළිගන්නා බව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබේ.

ඒ අනුව ඔහුට දඬවම් නියම කිරීම මේ මස 24 වනදා සිදු කරන බවත් අධිකරණය නිවේදනය කළේය. 

සබැඳි පුවත්

Continue Reading

පුවත්

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති ‍යළි රිමාන්ඩ් (UPDATE)

Published

on

By

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතා තවදුරටත් ලබන 15 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

අල්ලස් කොමිසමේ නිලධාරීන් සහ විත්තියේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලී ජයතුංග මහත්මිය මෙම නියෝගය නිකුත් කළාය.

එදිනට පෙර විමර්ශන කටයුතු අවසන් කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසත් මහෙස්ත්‍රාත්වරිය අල්ලස් කොමිසමට නියම කළාය.


(පෙර පුවත 2025 ජුලි 01 පෙ.ව.11.30 )

ශ්‍රීලංකන් හිටපු සභාපති අධිකරණයට

අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගෙන මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතා බන්ධනාගාර නිලධාරීන් විසින් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට රැගෙන විත් තිබේ.

සබැඳි පුවත්

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved