අද (05) පෙරවරුවේ අල්ලස් කොමිසම හමුවේ ප්‍රකාශයක් ලබාදුන් හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා මීට ටික වේලාවකට පෙර ඉන් පිටව ගොස් තිබේ.
රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාගෙන් අල්ලස් කොමිසම පැය 7 1/2ක පමණ කාලයක් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව වාර්තා වේ.
චීන සමාගමකින් ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර නැවක් ගෙන්වීම හරහා රජයට පාඩු සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් කොමිසම සිදුකරන විමර්ශනයට අදාළව මෙම කැඳවීම සිදුකර ඇති බව වාර්තා වෙයි.
(පෙර පුවත 2025 ජූනි 05 පෙ.ව.9.47 )
ශෂීන්ද්‍ර අල්ලස් කොමිසමට
හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ප්‍රකාශයක් ලබාදීම සඳහා අල්ලස් කොමිසමට පැමිණ තිබේ.