පුවත්

ශෂී ගේ විරෝධයට එජාපයේ සම්බන්ධයක් නෑ – රංග බණ්ඩාර

Published

on

රජයේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කාරණය සම්බන්ධයෙන් කොළඹ චීන තානාපති කාර්යාලය ඉදිරිපිට ඉකුත් සිකුරාදා (11)  පැවැති විරෝධතාවයට එක්සත් ජාතික පක්ෂ සීතාවක ප්‍රාදේශීය සභා මන්ත්‍රිනී ශෂී හෙට්ටිආරච්චි මෙ‍නවිය  සභභාගී වීම පිළිබඳව පක්ෂයේ කිසිදු සම්බන්ධතාවයක් නැතැයි පක්ෂ මහා ලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා පවසයි.

අැය විරෝධතාවයට සහභාග වීම ගැන  එක්සත් ජාතික පක්ෂ මහලේකම් ලෙස තමාගෙන් හෝ පක්ෂයෙන්  කිසිදු විමසීමක් කළේ ද  නැතැයි ද රංගෙ බණ්ඩාර මහතා කියයි.

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කාරණය කිසියම් දේශපාලන පක්ෂයකට හෝ කිසියම් පුද්ගලයෙකුට අයිති කාරණයක් නොවේ යැයිද  එය ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල් අමාත්‍යාංශය කරනු ලබන කටයුත්තක් වන අතර මුදල් අමාත්‍යාංශය රාජ්‍ය තාන්ත්‍රිකව මැදිහත්වී කරන කටයුත්තකට පක්ෂයක් ලෙස එජාපය සම්බන්ධ වන්නේ නැතැයි එජාප මහලේකම්වරයා සඳහන් කරයි.

කුමන පක්ෂයක හෝ වේවා ජනතා නියෝජිතයින් ලෙස තනතුරු වලට පත්වූ පසු ඔවුන් ගේ ක්‍රියාකලාපය අතිශයින් වගකීම් සහගත විය යුතු අතරමල අත්තනෝමතික හැසිරීම සමාජයේ අගතියට මිස උන්නතියට හේතු පාදක නොවන බව ද ඔවුන් තරයේ සිහි තබාගත යුතු යැයි මහලේකම්වරයා කියයි.

එක්සත් ජාතික පක්ෂයේ අනුදැනුමකින් තොරව එවැනි කටයුත්තකට සම්බන්ධවීම පිළිබඳව සීතාවක ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරිය සම්බන්ධයෙන් අනුගමනය කරනා ක්‍රියාමාර්ග ගැන පක්ෂ කළමනාකරණ මණ්ඩලය ඉදිරියේදී තීන්දු කරනු ඇතැයි ද මහ ලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා පවසයි.

(ලංකාදීප)

Trending

Exit mobile version