පුවත්

ශ්‍රිලනිප වැඩ බලන සභාපතිට – ලේකම්ට වාරණයක්

Published

on

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන  සභාපති , වැඩ බලන ප්‍රධාන  ලේකම් ලෙස පසුගිය 21 වෙනි දින තේරී පත් වූ  අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට හා සාරථි දුෂ්මන්ත මහත්වරුන්ට එම ධූරවල කටයුතු කිරීම වළක්වාලමින්  වාරණ නියෝග දෙකක් කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන්විතාන මහතා විසින් අද (24) නිකුත් කරන ලදී.

පැමිණිලිකාර පාර්ශවය  වෙනුවෙන් ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර මහතා අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ විත්තිකරුවන් එම ධූරයන් වලට පත්වීම නීති විරෝධී හා ව්‍යවස්ථා විරෝධී බවය.

විජයදාස රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයෙක් නොවන බවත් සාමාජිකයෙකු නොවන වෙනත් පක්ෂයක සාමාජිකයකුට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිලතලයක් දැරීම ව්‍යස්ථානුකූලව නීති විරෝධී බවත් සඳහන් කළේය.

පසුගිය 21 වැනි දින පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභා රැස්වීමේදී මෙම ධූරයන් තෝරාපත් කරගෙන ඇති බවත්,එසේ එම ධුරයන් තෝරා පත් කර ගැනීමට රැස්කළ විධායක සභාවද නීති විරෝධීව පවත්වා ඇති බවත් පැවසීය.

විත්තිකරුවන්ට අතුරු තහනම් දැන්වීම් හා නොතිසි නිකුත් කළ ප්‍රධාන දිසා විනිසුරුවරයා මැයි 8 දින අධිකරණයේ කරුණු දක්වන ලෙසටද නියෝග කළේය. 

සබැඳි පුවත් :

Trending

Exit mobile version