ශ්‍රි පාද වන්දනාවේ පැමිණි තරුණයන් 6 දෙනෙකු ඊයේ (17) දින පස්වරුවේ හැටන් දුම්රිය ස්ථානයේදි සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වූ උඩරට මැණිකේ දුම්රියෙන් පැමිණි තරුණයන් සයදෙනා එම දුම්රියෙන්ම ගමන් කරමින් සිටි කොළඹ විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලබමින් සිටින හැටන් ප්‍රදේශයේ පදිංචි සිසුවියකට අවස්තා කිහිපයකදි හිරිහැර කර ඇති බවත්, එම හිරිහැර ඉවසා ගැනිමට නොහැකිව සිසුවිය විසින් දෙමව්පියන්ට දුරකථනයෙන් ඒ පිලිබදව කල දැනුම් දිමක් මත ඇයගේ දෙමව්පියන් විසින් හැටන් පොලිසියට පැමිණිලි කර ඇත.
එම පැමිණිල්ල මත හැටන් පොලිසියේ නිලධාරින් විසින් සැකකාර තරුණයන් හයදෙනා හැටන් දුම්රිය ස්ථානයේදි අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිසිය ප්‍රකාශ කලේ,අත්අඩංගුවට ගත් තරුණයන් සයදෙනා කොළඹ අවට පදිංචිකරුවන් බවත්, සැකකරුවන් අවු 20-30 වයස් කාණ්ඩ වල පසුවන අය බවයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (18) හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.