මේ දින වල ශ්‍රී ලංකාවට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයා වන ආචාර්ය ක්‍රිෂ්ණා ශ්‍රීනිවාසන් මහතා හා මෙරට සිටින චීන තානාපති චී ජන්හොංග් මහතා අතර හමුවක් ඊයේ (15) තානාපති කාර්යාල පරිශ්‍රයේදී සිදුවී තිබේ.
ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික තත්ත්වය, ශ්‍රී ලංකාව සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආධාර සැලැස්ම සහ දිවයිනේ ණය කළමනාකරණය පිළිබඳව ඔවුන් අතර හොඳ සාකච්ඡාවක් පැවැත්වුනු බව ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් මෙරට චීන තානාපති කාර්යාලය පවසයි.