පුවත්

ශ්‍රීලන්කන් ප්‍රමාදය නිසා අදත් 52කට කොරියානු සිහිනය අහිමි වෙයි?

Published

on

කොරියානු රැකියා සදහා පිටත්ව යන ශ්‍රමිකයින් ගමන් ගන්නා ශ්‍රීලන්කන් ගුවන් සේවයට අයත් යූ එල් 470 දරණ ගුවන් යානය අද (20) දිනයේදීත් පැය 12ක් පමණ ප්‍රමාදවීම නිසා ශ්‍රමිකයින් 52 දෙනෙකු නොඑවන ලෙස කොරියානු මානව සම්පත් දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට දැනුම්දී තිබේ.

ට්විටර් පණිවිඩයක් ඔස්සේ මේ බව නිවේදනය කරන කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසා ඇත්තේ කොරියාව හා ලංකාව අතර පවතින EPS වැඩසටහනට ඍණාත්මක ලෙස බලපා ඇති බවයි.

මැයි 23 වැනිදාද මේ ආකාරයට ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානයක් ප්‍රමාද වූ අතර එම ගුවන් යානයෙන් කොරියාව බලා පිටත්ව යාමට නියමිතව සිටි ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් කොරියාවට භාරගැනීම එරට මානව සම්පත් දෙපාර්තමේන්තුව ප්‍රතික්ෂේප කළේය.  ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මැදිහත්වීම මත එම ශ්‍රමිකයින් ජුනි 4 වැනිදා කොරියාව බලා පිටත් යැවීමට කටයුතු කළ නමුත් එදිනද එම ගුවන් යානය පැය දෙකක් පමණ ප්‍රමාද වී තිබුණි.

Trending

Exit mobile version