ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධානයකින් ඉදිරි පළාත් පාලන මැතිවරණයට පුටුව ලකුණෙන් ඉදිරිපත් වන බව හිටපු පාර්ලිමේන්තු
මන්ත්‍රී ලසන්ත අලගියවන්න මහතා කියයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස්වී මෙම තීරණය ගත් බව මන්ත්‍රීවරයා කියා සිටියේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන සියලුම පාර්ශවයන් සමග මේ වන විටත් ඉදිරි පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව සාකච්ඡා කරමින් සිටින බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
පසුගිය ජනාධිපතිවරණයට හා මහ මැතිවරණයට ‘සිලින්ඩරය’ ලකුණ යටතේ ගොනුව සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එසේ පළාත් පාලන මැතිවරණයට ‘පුටුව’ ලකුණින් තරඟ කිරීමට තීරණය කර ඇත්තේ, එක්සත් ජාතික පක්ෂය මින් ඉදිරියට සියලු මැතිවරණ සඳහා ‘අලියා’ ලකුණින් පමණක් ඉදිරිපත්වීමට තීරණය කරීම නිසා බවද පැවසේ.