පුවත්

ශ්‍රී පාද මළුවෙන් පහළට පැන්න තරුණයා සොයා ගැනේ

Published

on

ශ්‍රීපාද මහාමළුවෙන් පසුගිය 19 වැනි දින පහළට පැන අතුරුදන්වූ පුද්ගලයා ඊයේ (24) සවස  සොයා ගැනීමට හැකිව තිබේ.

හම්බන්තොට සූරියවැව ප්‍රදේශයේ සිට තවත් පිරිසක් සමඟ නල්ලතන්නිය මාර්ගය ඔස්සේ ශ්‍රී පාදය වන්දනා කිරීමට මොහු පැමිණ තිබුණි.

අවුරුදු 33ක් වයසැති දිනේෂ් හේමන්ත නම් මෙම තරුණයා ඊයේ සවස ශ්‍රී පාද රක්ෂිතයට ආසන්නයේ නල්ලතන්නිය පොලිස් වසමට අයත් මරේ වතු යායේ රාජමලේ ප්‍රදේශයේ සිටිනු දැක වතු කම්කරුවන් පිරිසක් විසින් නල්ලතන්නිය පොලිස් ස්ථානය වෙත රැගෙනවිත් භාරදී තිබේ.

හමුවන අවස්ථාවේ දින තුනක් නිරාහාරව සිටීම හේතුවෙන් විජලන තත්ත්වයෙන් පසු වූ බවත් එම නිසා එම පුද්ගලයා මස්කෙළිය රෝහලට ඇතුළත් කළ බවත් පොලිසිය සඳහන් කළේය.

මස්කෙළිය රෝහලට ඇතුළත් කළ එම තුවාල ලැබූ පුද්ගලයා වැඩි දුර ප්‍රථිකාර සඳහා දික්ඔය ග්ලැන්කන් දිස්ත්‍රික් මූලික රෝහල වෙත මාරු කර යැවූ බව රෝහල් ප්‍රකාශකයකු විසින් සඳහන් කරන ලදී.

Trending

Exit mobile version