පුවත්

ශ්‍රී ලංකන් ගුවන් මගී බස් රථයක් ගිනිගනියි !

Published

on

ශ්‍රී ලංකන් ගුවන් මගීන් ගෙන යන බස් රථයක් පෙරේදා (30) රාත්‍රියේ සේවයේ යොදවා තිබියදී ගිනිගෙන ඇතැයි වාර්තා වේ.

මෙසේ ගිනිගෙන ඇත්ත‌ේ ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් හි සිට කටුනායක ගුවන් තොටුපල වෙත පැමිණි ගුවන් යානයක මගීන් රැගෙන ඒමට යමින් තිබූ බස් රථයකි.

මේ සිද්ධියෙන් පසුව එසේ ගිනිගත් බස් රථය ඉවත් කිරීම සඳහා ද විශාල කාලයක් ගතව තිබූ බව පැවසේ.

කෙසේවුවද, අදාළ ගිනි ගැනීම ගුවන් යානයක් ආසන්නයේදී හෝ ‌ඉන්ධන ටැංකියක් ආසන්නයේ සිදුවූයේ නම් විශාල අනතුරක් සිදුවන්නට ඉඩ තිබූ බව ගුවන් තොටුපල ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

මෙසේ ගුවන් මගී බස් රථයක් ගුවන් තොටුපල පර්යන්තයක් තුල ගිනිගත් පළමු අවස්ථාව මෙය බවද වාර්තා වේ.

Trending

Exit mobile version