Connect with us

පුවත්

ශ්‍රී ලංකන් ගොඩගන්න සුප්‍රීම් ග්ලෝබල් හෝල්ඩිංග්ස්  සූදානම්

Published

on

මෙරට කීර්තිමත් ව්‍යවසායකයෙක් වන ආර්.එම්. මනිවන්නන් සභාපතිත්වයෙන් යුතු සුප්‍රීම් ග්ලෝබල් හෝල්ඩිංග්ස් පුද්ගලික සමාගම මෙරට ජාතික ගුවන් සේවය වන ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් අත්පත් කර ගැනීම සඳහා ලංසු තැබීමේ ක්‍රියාවලියට අවතීර්ණ වී ඇත.

පසුගිය 27 වැනිදායෙන් අවසන් වූ  කැමැත්ත ප්‍රකාශ කිරීමේ (EOI) ක්‍රියාවලියේදී ඔවුන් සිය කැමැත්ත නිල වශයෙන් ප්‍රකාශ කිරීම සිදුකරන ලදී.  

එම අවස්ථාවේදී ‘සුප්‍රීම් ග්ලෝබල් සමාගම’ විසින් අනුග්‍රාහකත්වය දක්වන ”ශෙරිෂා ටෙක්නොලොජීස් සමාගමේ” (Sherisha Technologies Private Limited )  ඉදිරිපත් වීම සුවිශේෂී සහභාගීත්වයක් විය. 

සුප්‍රීම් ග්ලෝබල් සමාගම විසින් MBS Investments, කටාර්හි ශෙයික් නයෙෆ් බින් ඊඩ් අල්තානි ගේ පුද්ගලික කාර්යාලයේ ආයෝජන අංශය සහ කලින් SunEdison Energy India පුද්ගලික සමාගම ලෙස හැඳින්වූ Sherisha Technologies පුද්ගලික සමාගම ඇතුළු ප්‍රබල ආයෝජක සමාගම් කිහිපයක එකමුතුවෙන් ශක්තිමත් සමුහයක් පිහිටුවා ඇත. 

මෙම උපායමාර්ගික සන්ධානය ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් අත්පත් කර ගැනීම වෙනුවෙන් ‘සුප්‍රීම් ග්ලෝබල්’ හි ප්‍රයත්නයට අනුග්‍රහය දැක්වීම සඳහා සැලකිය යුතු මූල්‍ය හා මෙහෙයුම් උපක්‍රමික හා උපායමාර්ගික ශක්තිමත්භාවයක් දැක්වීමට සූදානම්ව සිටිති.

පළපුරුදු ව්‍යාවසායකත්වය සහ ජාත්‍යන්තර ව්‍යවසායක සමාගම් හා එකතුව ගොඩනගන්නා වූ මූල්‍යමය ශක්‍තිය ඔස්සේ ශ්‍රී ලංකාව වඩාත් සමෘද්ධිමත් දිශානතියකට යොමු කිරීමේ පුද්ගලික ව්‍යවසායකත්ව හැකියාව ඇති සුප්‍රීම් ග්ලෝබල් සමාගම ඒ, වෙනුවෙන් නව්‍ය හා උපායමාර්ගික සැලසුම් හදුන්වාදීම මගින් ශ්‍රී ලංකාවේ ගුවන් සේවයට ජවයක් සහ ලාභ සහිත ව්‍යාපාරයක් ලෙස වර්ධනය කර සුබවාදි දිශානතියකට යොමු කිරීමට මූලික පියවර දැනටමත් ආරම්භ කර තිබේ.

“ඉන්දු-ලංකා කලාපයේ වත්මන් භූ දේශපාලන ගතිකත්වය අනුව මෙම ලංසුව විශේෂයෙන් කැපී පෙනේ. ෂෙරීෂා පුද්ගලික සමාගමට ඉන්දීය රජයේ සහය ලැබෙන බව දැඩි ලෙස විශ්වාස කරන අතර, ශ්‍රී ලංකා සමාගමක් ප්‍රබල ඉන්දීය සමාගමක් සමඟ සම්බන්ධ වීම සහ කටාර් ආයතනයකින් සැලකිය යුතු මූල්‍ය අනුග්‍රහයක් ලැබීම, මෙම කලාප අතර සබඳතා සහ අන්‍යෝන්‍ය අවශ්‍යතා ශක්තිමත් කිරීම සංකේතවත් කරයි. කටාර්හි අති විශාල ආයෝජනයක් සහ උපාය මාර්ගික ආයෝජන ගෝලීය වශයෙන් එය මෙම වැඩපිළිවෙළෙහි ප්‍රබල බවට පත් කරයි. වැඩිදියුණු කළ මෙහෙයුම් හැකියාවන් සහ වඩා හොඳ මූල්‍ය ස්ථාවරත්වයක් සඳහා මෙම සබඳතා උපයෝගී කරගැනීමට ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අවස්ථාව ලබා දෙයි.”

මෑත කාලීන බලශක්ති අර්බුද අවස්ථාවේදී සුප්‍රීම් ග්ලෝබල් හෝල්ඩින්ග්ස් විසින්  ශ්‍රී ලංකාවේ ස්ථාවරත්වය සහ වර්ධනය සඳහා විශාල දායකත්වයක් ලබා දීම සිදුවිය.

ගැඹුරු ආර්ථික අර්බුදයක් වැලැක්වීමට උපකාරී වූ ඉන්ධන වෙනුවෙන් ගෙවීම් සඳහා ශ්‍රී ලංකා රුපියල් භාර ගැනීම වැනි නව්‍ය ගෙවීම් විසඳුම් සමඟින් මූල්‍යමය වශයෙන් අර්බුදකාරී රටට ඩොලර් බිලියන 1.5 කට අධික ණය ලබාදීමෙන්  රටේ ආර්ථිකයට විශාල දායකත්වයක් ලබාදීම සිදුවිය.

ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් අනාගත අත්පත් කර ගැනීම සඳහා මෙම මැදිහත්වීම  ශ්‍රී ලංකාවේ  ආර්ථික ප්‍රකෘතිය සහ සංවර්ධනය සඳහා ද සුබවාදී ඇරඹුමක් වනු ඇත.

ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ කටාර් යන රටවල ව්‍යාප්තව ඇති ඒකාබද්ධ ඔවුන්ගේ විශේෂඥතාව සහ සම්පත්, ලාංකේය ගුවන් සේවය පුනර්ජීවනය කිරීමට පමණක් නොව ජාත්‍යන්තර ගුවන් සේවා වෙළඳපොළ තුළ එහි තරඟකාරිත්වය ඉහළ නැංවීමට ද අවස්ථාවක් වේ.

පුවත්

දෙහිවල සිටි “මැකො” උස්සලා

Published

on

By

දෙහිවල ජාතික සත්වොද්‍යානයේ කූඩුවක රඳවා සිටි රුපියල් ලක්ෂ පහකට අධික වටිනා නිල් කහ වර්ණයෙන් යුත් මැකෝ ගිරවෙකු සොරාගෙන ගොස් ඇතැයි දෙහිවල පොලිසිය කියයි.

එම ගිරවුන් රඳවා සිටින කූඩුවේ ඉබි යතුරු කඩා ඇති බව ඉකුත් 5 වෙනිදින  පෙරවරුවේ රාජකාරී සඳහා පැමිණි කූඩුව භාරකරු ඒ බව දැක පාලනාධිකාරිය දැනුම්වත් කිරීමෙන් අනතුරුව ආරක්ෂක නිලධාරියකු විසින් මෙකී පැමිණිල්ල සිදුකර ඇත

එම මැකෝ ගිරවා සමඟ තවත් ගිරවුන් 29 කු එම කූඩුව තුළ රඳවා තිබි ඇතැයි පොලිසිය කියයි. 

මෙම ගිරවා කිසියම් පුද්ගලයකුත් සොරාගෙන යන අයුරු අසල වෙළඳ සැලක සවිකරන තිබෙන සී සිටීවී කැමරාවක ද සටහන් වේ.

මෙම කූඩුවේම රඳවා සිටි නිල් කහ වර්ණයෙන් යුත් මැකෝ ගිරවෙකු 2021 වසරේ අගෝස්තු මස 8 වෙනිදින  නැති වූ අතර එම ගිරවා රත්මලාන ප්‍රදේශයේ නිවසක රඳවා සිටියදී පසුව සොයාගෙන තිබිණි

Continue Reading

පුවත්

රත්මලානේ 4ක් පොලොන්නරුවේදී ගිලී මරුට

Published

on

By

පොළොන්නරුව, අරලගන්විල ප්‍රදේශයේ පහළ ඇල්ලේ වැවේ ගිලීමෙන් පුද්ගලයින් හතර දෙනෙකු මිය ගොස් තිබේ.

පොලීසිය පැවසුවේ, රත්මලාන ප්‍රදේශයේ සිට ඥාති නිවසකට පැමිණි පිරිසක් එලෙස අනතුරට ලක්ව ඇති බවයි.

අනතුරින් මියගොස් ඇත්තේ, කාන්තාවන් තුන්දෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකි.

Continue Reading

පුවත්

බන්ධනාගාර කොමසාරිස් අදත් CIDයට කැඳවලා

Published

on

By

බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා දෙවැනි වරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා ඇතැයි වාර්තා වේ.

ඒ, ජනපති සමාව ලැබුණු බව පවසමින්, අනුරාධපුර බන්ධනාගාර රැඳවියෙකු නිදහස් කිරීම ගැන ප්‍රකාශයක් ගැනීමට බව පැවසේ. 

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved