Videos

ශ්‍රී ලංකාව හා චීනය අතර නව ගිවිසුම් 9කට අත්සන් තැබෙයි

Published

on

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ චීන සංචාරයට සමගාමීව ශ්‍රී ලංකාව හා චීනය අතර නව ගිවිසුම් 9ක‍ට ඊයේ (26) අත්සන් තැබීය.

චීන අග්‍රාමාත්‍ය ලී චියාංග් (Li Qiang) සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මේ ගිවිසුම් සඳහා අත්සන් තැබීම සිදු කෙරුණි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක මහතා ගිවිසුම් සඳහා අත්සන් තැබූ අතර චීනය වෙනුවෙන් අමාත්‍යංශ 9ක ලේකම්වරුන් අත්සන් කළේය.

මේ අතර, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හා චීන මහජන කොන්ග්‍රසයේ ස්ථාවර කමිටු සභාපති (චීන පාර්ලිමේන්තුවේ කථානායක) ෂාඕ ලෙජි (Zhao Leji) මහතා අතර හමුවක් ද බීජිංහිදී සිදුවිය.

එම හමුවේදී  ෂාඕ මහතා, පැවසුවේ වසර 67 කට පෙර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිහිටුවීමේ සිට, ජාත්‍යන්තර භූ දර්ශනයේ වෙනස්කම් නොසලකා චීන-ශ්‍රී ලංකා සබඳතා හොඳ සහ ස්ථාවර සංවර්ධනයක් භුක්ති විඳිමින් සිටින බවයි.

Trending

Exit mobile version