Connect with us

පුවත්

ශ්‍රී ලංකා – ඇමෙරිකානු ජනපතිවරුන් හමුවේ

Published

on

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් පසුගියදා නිව්යෝර්ක් නුවරදී සිදු විය.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වන සැසිවාරයට සහභාගි වූ සියලු රාජ්‍ය නායකයන් වෙනුවෙන් ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් මහතා විසින් පිරිනැමූ රාත්‍රී භෝජන සංග්‍රහය අතරතුරදී මෙම හමුව සිදු විය.

මෙහිදී ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් මහතා විසින් ශ්‍රී ලංකා ජනාධිපතිවරයාව ඉතා මිත්‍රශීලිව පිළිගත් අතර  සුහද කථා බහකින් අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය බයිඩ්න් යුවළ සමඟ සමූහ ඡායාරූපයකට ද එක් වූහ.

(ජනාධිපති මාධ්‍ය අංශය)

පුවත්

අකුණු සැර වැදී කාන්තාවක් ජීවිතක්ෂයට

Published

on

By

බදුල්ල, ඇටම්පිටිය පොලිස් වසමේ කිංග්රෝස් නෙලුව වතුයායේ පදිංචිව සිටි කාන්තාවක් අකුණු සැර වැදී ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 47ක් වූ කාන්තාවකි.

ඇය වෘත්තියෙන් තේ දළු නෙලන කාන්තාවක් බව පොලීසිය පැවසීය.

එමෙන්ම සිද්ධියෙන් තවත් පුද්ගලයින් 5 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇත.

අද (28) සවස් කාලයේ පැවැති අධික වර්ෂාවත් සමගින් මෙම කාන්තාව ඇතුළු පිරිසක් විසින් වැස්සෙන් ආවරණය වීම සඳහා තේ දළු කිරන ස්ථානයකට ගොස් ඇති අතර එහිදි මෙම අකුණු සැර වැදීම සිදුව ඇති බව පොලීසිය පවසයි.

මේ අතර ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

නැගෙනහිර, ඌව, මධ්‍යම, උතුරු මැද, උතුර සහ සබරගමුව පළාත සහ හම්බන්තොට  සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන ගිඟුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇති වීමේ වැඩි ඉඩක් පවතින බව අදාළ නිවේදනයේ දැක්වේ.

ගිඟුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකිය.

මේ නිසාවෙන් සවස් කාලයේ සැලකිලිමත් වන ලෙස ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දෙයි.

Continue Reading

පුවත්

කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යංයේ හිටපු ලේකම් රිමාන්ඩ්

Published

on

By

දූෂණ චෝදනා මත අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යංශයේ හිටපු අතිරේක ලේකම්වරයෙකු වූ මහේෂ් ගම්මන්පිල මහතා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. 

ඒ 2021 වසරේදී චීනයේ  Qingdao Seawin Biotech නම් සමාගමකින් ගෙන්වන ලද පොහොර තොගයක් සම්බන්ධයෙනි.

අදාළ සමාගමෙන් මෙරටට ගෙන්වන ලද ප්‍රමිතියට අනුකූල නොවන කාබනික පොහොර තොගයකට අදාළව අත්හිටුවා තිබූ ණයවර ලිපි විවෘත කිරීමට උපදෙස් ලබා දීම මගින් ඊට අදාළ පළමු පොහොර තොගයෙන් 75%ක මුදලක් එනම් අමෙරිකානු ඩොලර් මිලියන 6.9කට ආසන්න මුදලක් ගෙවීමට සිදුවීමෙන් රජයට පාඩු කිරීමේ චෝදනා මත අල්ලස් කොමිසම විසින් අදාළ අතිරේක ලේකම්වරයාව අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

එහිදී කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා විසින් සැකකරු එළැඹෙන මැයි මස 05 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.

Continue Reading

පුවත්

සිරි දළදා වන්දනාව වෙනුවෙන් රාජකාරි කල පොලිස් නිලධාරීන්ට විශේෂ ත්‍යාග මුදලක්

Published

on

By

සිරි දළදා වන්දනාව වෙනුවෙන් රාජකාරි ඉටුකල පොලිස් නිලධාරීන්ට විශේෂ ත්‍යාග මුදලක් පිරිනමන බව ශ්‍රී ලංකා පොලිසිය සඳහන් කරයි

සිය නිළ ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ශ්‍රි ලංකා පොලිසිය මේ බව දක්වා ඇත.

සිරි දළදා වන්දනාවට පැමිණෙන බැතිමතුන්ගේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 10,000 කට අධික ප්‍රමාණයක් සේවයේ නිරත විය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved