මේ වන විට ශ්‍රී ලංකාවට පැමිණ සිටින ඉන්දීය විදේශ ලේකම් – විනේ මොහාන් ක්වාත්‍රා මහතා හා මෙරට විදේශ ලේකම්වරිය වන අරුණි විජේවර්ධන මහත්මිය අතර හමුවක් අද (11) පෙරවරුවේදී විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යංශයේදී පැවත්වා තිබේ.
ක්වාත්‍රා මහතා ඇතුළු සිව්දෙනෙකුගෙන් සමන්විත දූත පිරිසක් ඊයේ (10) රාත්‍රියේ දිවයිනට පැමිණි අතර, ඔවුන්ව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් පිරිසක් විසින් පිළිගනු ලැබූ බව වාර්තා වේ.