ශ්‍රී ලංකාව සහ ඊශ්‍රායලය අතර ගුවන් ගමන් සියල්ල ලබන 7 වැනිදා දක්වා අවලංගු කර ඇතැයි ඊශ්‍රායලයේ මෙරට තානාපති නිමල් බණ්ඩාර මහතා පවසයි.
ඒ , ඉරාන ප්‍රහාර හමුවේ එරට ටෙල් අවිව් ගුවන් තොටුපෙළේ මෙහෙයුම් නවතා දැමීමත් සමගිනි.
ලබන 7 වැනිදාට පෙර දිනවලදී දෙරට අතර ගුවන් ගමන් සැලසුම් කර ඇති පුද්ගලයින් ඊට අදාළ දින වකවානු නැවත සූදානම් කර ගන්නා ලෙස තානාපති කාර්යාලය දැනුම් දෙනු ලබයි.
මේ අතර එහි රැඳී සිටින ශ්‍රී ලාංකිකයින් සියළු දෙනා තව දුරටත් ආරක්ෂිත බවත් ඉදිරියේදී අවදානම් සහගත තත්ත්වයක් උද්ගතවුවහොත් ඒ සඳහා ද කටයුතු සූදානම් කර ඇතැයි තානාපතිවරයා සඳහන් කලේය.
හැකිතාක් ගමන් අවම කර නිවාසවලම රැඳී සිටින ලෙස ඊශ්‍රායල රජය ජනතාවට දැනුම් දී තිබේ.
ඉදිරියේදී ප්‍රහාර ඉහළ ගියහොත් ඒවායින් ආරක්ෂා වීම සඳහා භූගත කඳවුරු, භූගත රෝහල්ද සහ හදිසි ගිලන් රථ සේවා ස්ථාපිත කර ඇතැයි ඊශ්‍රායල රජය දැනුම් දෙයි.