පුවත්

ශ්‍රී ලංකා – තායිලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුමට අත්සන් තැබෙයි

Published

on

ශ්‍රී ලංකා තායිලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුම අත්සත් තැබීම අද (03) සිදුකෙරුණි.

තායිලන්ත අග්‍රාමාත්‍යවරයාගේ මෙරට සංචාරයට සමගාමීව එම ගිවිසුම් සඳහා අත්සන් තැබීම සිදුකෙරුණි. 

ශ්‍රී ලංකා – තායිලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුමට අත්සන් තැබීම, ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ පර්යේෂණ හා අභ්‍යාස ආයතනය සහ තායිලන්ත මැණික් හා ස්වර්ණාභරණ ආයතනය අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම මෙලෙස සිදුවිය.

මේ අතර, ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති ඒකාබද්ධ මාධ්‍ය හමුවට එක්වෙමින් තායිලන්ත අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ දෙරට අතර සබඳතා තවදුරටත් වැඩිදියුණු කිරීම අරමුණු කරගනිමින් තායි ජාත්‍යන්තර ගුවන් සේවය මාර්තු මස අග සිට තායිලන්තය සහ ශ්‍රී ලංකාව අතර දෛනික ගුවන් ගමන් සේවා ආරම්භ කරන බවත්, සංචාරක, ධීවර, කෘෂිකර්ම සහ වෙළෙඳ යන ක්ෂේත්‍රයන්හි සහයෝගීතාව සඳහා කැපවන බවත්ය.

Trending

Exit mobile version