Connect with us

පුවත්

ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් ක්‍රීඩිකාවන්ට තවත් විශිෂ්ට ජයක්

Published

on

කාන්තා යොවුන් විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සමඟ පැවැති තරගය ලකුණු 81කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 05ක් දැවි රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 166කි.

එහිදී සංජනා කවින්දි ලකුණු 38ක් සහ මනුධි නානායක්කාර ලකුණු 37කක් ලබාගත්තාය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොදෙව් කණ්ඩායමට පන්දුවාර 19.4ක් තුළ සියලු දෙනා දැවී රැස්කරගැනීමට හැකි වූයේ ලකුණු 85ක් පමණි.

පන්දුයැවීමේදී චමෝදි ප්‍රබෝධා කඩුලු 03ක් දවාගැනීමටයි සමත් වූවාය.

මීට පෙර සත්කාරක මලයාසියාවට එරෙහිව පැවති පළමු තරගයෙන් ශ්‍රී ලංකා යොවුන් පිල ජය ගන්නා ලදී.

පුවත්

අනුරාධපුර රෝහලේ  අසූචි මිශ්‍ර ජලය මල්වතු ඔයට!

Published

on

By

අනුරාධපුර ශික්ෂණ රෝහලේ එකතුවන රෝගීන්ගේ මල මූත්‍රා සහිත අපවිත්‍ර ජලය අවිධිමත්ව බැහැර කිරීම තුළින් ප්‍රදේශයේ සෞඛ්‍ය ගැටලු රැසක් උද්ගතවීමේ අවදානමක් මතුවී ඇති බව ප්‍රදේශවාසිහු පවසති.

ප්‍රදේශයේ ස්වාමින් වහන්සේ නමක් සඳහන් කළේ, රෝහලෙන් මුදාහැරෙන අපවිත්‍ර ජලය නගරයේ මධ්‍යම කානු පද්ධතිය හරහා අනුරාධපුර මල්වතු ඔයට එකතුවීමෙන් මෙම තත්ත්වය උද්ගතවී ඇති බවය.

මෙම තත්ත්වය හමුවේ ස්වභා උයන ආශ්‍රිත ප්‍රදේශය තුළ දැඩි දුර්ගන්ධයක් පවතින බැවින් ඒ ආශ්‍රිත ප්‍රදේශයේ ජනතාවට ගැවසිය නොහැකි තත්ත්වයක් ද උද්ගතවී ඇත.

එසේම මෙම අපවිත්‍ර ජලය මල්වතු ඔයට එකතුවීමෙන් එහි දියනෑමේ නිරත ප්‍රදේශවාසින්ට මෙන්ම සංචාරකයින්ට ද සෞඛ්‍ය ගැටලු ඇතිවිය හැකි බව ප්‍රදේශවාසින් පෙන්වා දෙයි.

මෙම ගැටලුව සම්බන්ධයෙන් ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් මනුෂ්‍යත්වය සුරැකීමේ ජාතික සංවිධානයේ සභාපති පූජ්‍ය අනුරාධපුර සෝමරතන හිමි පැවසුවේ මෙම ගැටලුව විසඳීමට වගකිවයුතු බලධාරින් කඩිනමින් කටයුතු නොකළහොත් නුදුරේදීම ප්‍රදේශය ආශ්‍රිතව සෞඛ්‍ය ගැටලු රැසක් ඇතිවිය හැකි බවය.

Continue Reading

පුවත්

අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ දැනුම්දීමක්

Published

on

By

අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කිරීමේ සංශෝධිත චක්‍රලේඛය ඉදිරි සතියේ නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා සඳහන් කළේ පැවති චක්‍රලේඛයේ තිබූ අඩුපාඩු රැසක් මගහරවමින් නව චක්‍රලේඛය නිකුත් කරන බවය.

ඒ අනුව සුදුසුම දරුවන් පාසල්වලට ඇතුළු කර ගැනීමට හැකිවන පරිදි එම චක්‍රලේඛය මඟින් ප්‍රතිපාදන සැලසෙන බවද ඔහු සඳහන් කරයි.

නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ නීතීවිරෝධී සහ අයථා ක්‍රම මඟින් සිසුන් පාසල්වලට ඇතුළත් කර ගැනීමේ ක්‍රමවේදයට එමඟින් තිත තබන බවය.

මේ අතර පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ සංශෝධිත චක්‍රලේඛයද ලබන සතියේ නිකුත් කිරීමට නියමිත බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනෙවිරත්න මහතා ප්‍රකාශ කරයි.

Continue Reading

පුවත්

නාමල්ගේ නඩුවක් කල් යයි

Published

on

By

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුව සැප්තැම්බර් මස 26 වනදා යළි කැඳවන ලෙස කොළඹ මහාධිකරණ අද (27) නියම කළේය.

රග්බි ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීමට බව පවසමින් ඉන්දීය ක්‍රිෂ් සමාගමෙන් රුපියල් මිලියන 70 මුදලක් ලබාගෙන සාපරාදී විශ්වාසය කඩකළේ යැයි චෝදනා කරමින් නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබේ.

මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් අබේරත්න මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

එම අවස්ථාවේදී ඇප මත මුදාහැර සිටින විත්තිකාර නාමල් රාජපක්ෂ මහතා ද අධිකරණය හමුවේ පෙනී සිට ඇත.

පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වසන්ත පෙරේරා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුවට අදාළව ලැයිස්තුගත කර තිබෙන ලේඛනවලට පරිබාහිර ලේඛන ගණනාවක් ලබාදෙන ලෙස විත්තිය විසින් ඉල්ලා තිබෙන බව සඳහන් කළේය.

එම ලේඛන ලබාදීම සඳහා කල් ලබාදෙන ලෙසත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලීම් කර ඇත.

විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා ද කියා සිට ඇත්තේ, මෙම නඩුවේ පළමුවන  සාක්ෂිකරුගේ ප්‍රකාශයේ කොටසක් පමණක් තමන්ට ලැබී තිබෙන බවත්, එහි සම්පූර්ණ පිටපතට අවශ්‍ය බවත්ය.

ඒ අනුව විත්තිය ඉල්ලා සිටින ලේඛන ඔවුන් වෙත ලබාදීමට පියවර ගන්නා ලෙස පැමිණිල්ලට නියෝග කළ විනිසුරුවරයා, අනතුරුව නඩුව සැප්තැම්බර් මස 26 වනදා කැඳවන ලෙස නියම කළේය.

එදින මෙම නඩුවට අදාළ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය පවත්වන බව විනිසුරුවරයා වැඩිදුරටත් නියෝග කර තිබේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved