Connect with us

පුවත්

ශ්‍රී ලංකා රජයට ප්‍රසිද්ධියේ සමාව ගන්නා ලෙස  දැනුම්දෙයි

Published

on

දශක ගණනාවක් පුරාවට අතුරුදන් කිරීමට ලක්වූ දහස් ගණනකගේ ඉරණම පිළිබඳව සහ ඔවුන් සිටින ස්ථාන හෙළි කිරීමටත් එම අපරාධවලට වගකිව යුත්තන්ට දඬුවම් පැනවීමටත් ශ්‍රී ලංකා රජය අර්ථාන්විත පියවර අනුගමනය කළ යුතු බවට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ඊයේ (17) වාර්තාවක් නිකුත් කරමින් දන්වා තිබේ.

එහි වැඩිදුරටත් දැක්වෙන්නේ, එම අපරාධ සඳහා රාජ්‍ය ආරක්ෂක අංශවල සහ අනුබද්ධ සන්නද්ධ කණ්ඩායම්වල මැදිහත්වීම පිළිගෙන ප්‍රසිද්ධියේ සමාව අයැද සිටිය යුතු බවය.

අතුරුදන් කිරීම්වලට ලක්වූ සියලුම ශ්‍රී ලාංකිකයින් කිසිදා අමතක නොකළ යුතු බවට මෙම වාර්තා මගින් යළිත් සිහිකැඳවන බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් වෝල්කර් ටර්ක් මහතා පවසයි.

බොහෝ කාලයක සිටි අතුරුදන් කිරීම්වලට ලක්වූවන් පිළිබඳව තොරතුරු දැනගැනීමට බලා සිටින ඥාතීන්ට සත්‍ය දැනගැනීමේ අයිතියක් පවතින බවත් අතුරුදන් කිරීම්වලට ලක් වූවන්ට රජය ණයගැති බවත් වෝල්කර් ටර්ක් මහතා එම වාර්තාව හරහා දන්වා තිබේ.

මෙවැනි අපරාධ ඒවාට මුහුණ දුන් පිරිසට පමණක් නොව සමාජයක් ලෙස සමස්ත ශ්‍රී ලාංකීය ප්‍රජාවටම කම්පනය දනවන සුළු බව වාර්තාවේ දැක්වෙයි.

අතුරුදන් කිරීම්වලින් සියලුම පුද්ගලයින් ආරක්ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුතිය අනුමත කිරීම වැනි ධනාත්මක පියවර අනුගමනය කර තිබුණත් ඒක පුද්ගල අතුරුදන්වීම් පිළිබඳව විමර්ශන කිරීම් සීමිත බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ වාර්තාවේ අවධාරණය කර ඇත.

අතුරුදන් කිරීම්වලට ලක්වූවන් පිළිබඳව සෑම තොරතුරක්ම අනාවරණය වන තෙක් විමර්ශන සිදුකිරීමට රජය බැඳී සිටින බවට වන ජාත්‍යන්තර නීතිය දිගින් දිගටම උල්ලංඝනය වෙමින් පවතින බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ මතය බව සඳහන් ය.

සිවිල් යුද්ධය අවසන් වී වසර 15ක් ගතවී තිබුණත්, අතුරුදන් කිරීමේ පළමු රැල්ල ආරම්භ වී දශක ගණනාවක් ගතවී තිබුණත්, එම ප්‍රචණ්ඩ ක්‍රියාවලට වගවීම තහවුරු කිරීමට ශ්‍රී ලංකා බලධාරීන් අපොහොසත් වී ඇති බව වාර්තාවේ දැක්වෙයි.

ඒ අනුව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ කොමිසම අවධාරණය කරන්නේ දශක ගණනාවක් පුරා සිදුවූ අතුරුදන් කිරීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව වගවීම සහතික කළ යුතු බවය.

පුවත්

දෙහිවල සිටි “මැකො” උස්සලා

Published

on

By

දෙහිවල ජාතික සත්වොද්‍යානයේ කූඩුවක රඳවා සිටි රුපියල් ලක්ෂ පහකට අධික වටිනා නිල් කහ වර්ණයෙන් යුත් මැකෝ ගිරවෙකු සොරාගෙන ගොස් ඇතැයි දෙහිවල පොලිසිය කියයි.

එම ගිරවුන් රඳවා සිටින කූඩුවේ ඉබි යතුරු කඩා ඇති බව ඉකුත් 5 වෙනිදින  පෙරවරුවේ රාජකාරී සඳහා පැමිණි කූඩුව භාරකරු ඒ බව දැක පාලනාධිකාරිය දැනුම්වත් කිරීමෙන් අනතුරුව ආරක්ෂක නිලධාරියකු විසින් මෙකී පැමිණිල්ල සිදුකර ඇත

එම මැකෝ ගිරවා සමඟ තවත් ගිරවුන් 29 කු එම කූඩුව තුළ රඳවා තිබි ඇතැයි පොලිසිය කියයි. 

මෙම ගිරවා කිසියම් පුද්ගලයකුත් සොරාගෙන යන අයුරු අසල වෙළඳ සැලක සවිකරන තිබෙන සී සිටීවී කැමරාවක ද සටහන් වේ.

මෙම කූඩුවේම රඳවා සිටි නිල් කහ වර්ණයෙන් යුත් මැකෝ ගිරවෙකු 2021 වසරේ අගෝස්තු මස 8 වෙනිදින  නැති වූ අතර එම ගිරවා රත්මලාන ප්‍රදේශයේ නිවසක රඳවා සිටියදී පසුව සොයාගෙන තිබිණි

Continue Reading

පුවත්

රත්මලානේ 4ක් පොලොන්නරුවේදී ගිලී මරුට

Published

on

By

පොළොන්නරුව, අරලගන්විල ප්‍රදේශයේ පහළ ඇල්ලේ වැවේ ගිලීමෙන් පුද්ගලයින් හතර දෙනෙකු මිය ගොස් තිබේ.

පොලීසිය පැවසුවේ, රත්මලාන ප්‍රදේශයේ සිට ඥාති නිවසකට පැමිණි පිරිසක් එලෙස අනතුරට ලක්ව ඇති බවයි.

අනතුරින් මියගොස් ඇත්තේ, කාන්තාවන් තුන්දෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකි.

Continue Reading

පුවත්

බන්ධනාගාර කොමසාරිස් අදත් CIDයට කැඳවලා

Published

on

By

බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා දෙවැනි වරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා ඇතැයි වාර්තා වේ.

ඒ, ජනපති සමාව ලැබුණු බව පවසමින්, අනුරාධපුර බන්ධනාගාර රැඳවියෙකු නිදහස් කිරීම ගැන ප්‍රකාශයක් ගැනීමට බව පැවසේ. 

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved