පුවත්

ශ්‍රී ලාංකික දෙමළ ජනතාව‌ට තමිල්නාඩුවෙන් නොමිලේ ගෙවල්

Published

on

තමිල්නාඩු මහ ඇමති එම්.කේ. ස්ටාලින් මහතා විසින් සිය ප්‍රාන්තයේ වෙසෙන ශ්‍රී ලාංකික දෙමළ ජනතාව වෙනුවෙන් සඳහා අලුතින් ඉදිකරන ලද නිවාස 1,591ක් බෙදාහැරීම ඊයේ (17) ආරම්භ කර තිබේ.

මෙම උත්සවය වෙල්ලෝරයේ මෙල්මනවූර් ග්‍රාමයේ පිහිටි ශ්‍රී ලංකා පුනරුත්ථාපන කඳවුරේ පැවති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

මෙම නිවාස ලැබීම පිළිබඳව තමිල්නාඩු ප්‍රාන්තයේ දිස්ත්‍රික්ක 13ක් පුරා පැතිරී ඇති පුනරුත්තාපන කඳවුරු 19ක් ආශ්‍රිතව සිටින ප්‍රතිලාභීන් සිය සතුට අන්තර්ජාලය ඔස්සේ පළ කර තිබේ.

මේ වන විට  තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජාතිකයන් 19,498ක් එම ප්‍රාන්තයේ දිස්ත්‍රික්ක 29ක් පුරා පැතිරී ඇති පුනරුත්තාපන කඳවුරු 104ක් ආශ්‍රිතව ජීවත් වේ.

මොවුන් සඳහා අදියර කිහිපයක් යටතේ ඉන්දීය රු. කෝටි 342ක වියදමෙන් නිවාස 7,469ක් ඉදිකිරීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

2021 නොවැම්බර් මාසයේදී ඇරඹුනු මෙහි පළමු අදියර යටතේ රු. කෝටි 176.02ක වියදමෙන් නිවාස 3,510ක් ඉදිකරෙනු ඇත.

(මූලාශ්‍රය : ද හින්දු)

Trending

Exit mobile version