පුවත්

ශානිගේ ආරක්ෂාව වැඩි කරන්න නියෝග කරයි

Published

on

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතාට දැනට ලබාදී තිබෙන ආරක්ෂාවට අතිරේකව ප්‍රමාණවත් ආරක්ෂාවක් වහාම ලබා දීමට පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණය අද (14) ආරක්ෂක බලධාරීන්ට නියෝග කළේය.

ජීවිත තර්ජනයකට මුහුණ පා සිටින තමන්ට ප්‍රමාණවත් ආරක්ෂාවක් ලබාදෙන ලෙස ආරක්ෂක බලධාරීන් වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා ගොනු කළ රිට් පෙත්සමක් කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කර ඇත.

මෙම පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ විකුම් කළුආරච්චි යන මහත්වරුන්ගේ සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

(මූලාශ්‍රය : අද දෙරණ)

සබැඳි පුවත් :

ශානි ට පොලිස් ආරක්ෂාව

Trending

Exit mobile version