Connect with us

පුවත්

ශානිට දීපු තනතුර ගැන පෙරටුගාමීන්ගෙන් චෝදනා

Published

on

බුද්ධි විශ්ලේෂණ හා නිවාරණ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා ලෙස විශ්‍රාමික පොලිස් අධිකාරී ශානි අබේසේකර පත් කිරීම තුළින් පැරණි දේශපාලන සංස්කෘතියම යළි පිළිබිඹු වන බව ජන අරගල සන්ධානය පවසයි.

ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුව හා පාස්කු ප්‍රහාරය ඇතුළු ආන්දෝලනාත්මක සිදුවීම් 7ක් සම්බන්ධයෙන් විමර්ශන කඩිනම් කිරීමට නව රජය පියවර ගැනීම සම්බන්ධයෙන් ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් ජන අරගල සන්ධානය විසින් කරුණු පැහැදිලි කිරිමක් සිදු කලේය.

එහිදී අදහස් දක්වමින් ජන අරගල සන්ධානයේ අපේක්ෂණ නීතිඥ නුවන් බෝපගේ,

”දැන් බුද්ධි විශ්ලේෂණ හා නිවාරණ කොට්ඨාශයේ නව අධ්‍යක්ෂකවරයා ලෙස විශ්‍රාම ගිය ශානි අබේසේකර දැන් පත් කරලා තියෙනවා. එතකොට ඒ කෙනා හොඳ තැනැත්තෙක් ද? කොහොමද? ඔහුගේ පෙර කල්ක්‍රියාව කියන කාරණය වෙනස්ම කාරණයක්. නමුත් දේශපාලන සංස්කෘතිය කියන කාරණයේදී නැවත බරපතල ප්‍රශ්නයක් මතු කරමින් තිබෙනවා. එකක් තමයි ඒ මහත්මයා පසුගිය කාලය තුළ ජනාධිපතිවරණයේදී ජාතික ජන බලවේගයේ වේදිකාවල හිටපු ඒ වෙනුවෙන් පොලිස් සහ හමුදා සාමූහිකව ඉඳිමින් ප්‍රචාරණ කටයුතු කරපු කෙනෙක්.ඉතින් ඒ කෙනා විශ්‍රාම ගිය නිලධාරියෙක්. ඒ නිලධාරියාව පත්කරනු ලබනවා නව ආණ්ඩුව විසින් නැවත අධ්‍යක්ෂකවරයෙක් විදිහට. එතකොට මේ දේශපාලන සංස්කෘතිය නෙවෙයිද පිටු දකින්න ඕනේ කියලා පහුගිය මැතිවරණ වලදී ඔවුන්ව ප්‍රකාශයට පත් කළේ. නැවත වතාවක් වෙනත් ආණ්ඩුවක් ඇවිල්ලා දේශබන්දු තෙන්නකෝන්ව නැවත රාජකාරි වල පිහිටවලා ඔහුට අධ්‍යක්ෂ ධුරයක් දුන්නොත් ඒක නිවැරදිද?

එතකොට මේක ඇතුලේ තියෙන දේශපාලන සංස්කෘතිය තමයි තමුන්ට සහය දක්වපු නිලධාරීන්ට තනතුරු ලබාදීම. ඊළඟට කලින් යහපාලනය බලයට පත් වුණු ගමන්ම කඩිමුඩියේ සංදර්ශන රැසක් කරා. නැවත පරීක්ෂණ ආරම්භ කරනවා කිව්වා. විවිධ ආකාරයෙන් තැනැත්තන් අත්අඩංගුවට ගන්නවා කිව්වා. බැසිල් රාජපක්ෂලාව අත්අඩංගුවට අරගෙන ඔවුන්ට දඬුවම් කරනවා කිව්වා. නාමල් රාජපක්ෂට දඬුවම් කරනවා කිව්වා. ඒ සියල්ල කළේ මැතිවරණ කාලේ ප්‍රචාරණ කටයුත්තක් විදිහට. එහෙම කරලා මැතිවරණයෙන් පස්සේ ඒක බිමේ යථාර්ථයක් බවට ක්‍රියාත්මක වුණේ නැහැ.දැන් මේ මැතිවරණය ආසන්නයේදී අපි දන්නවා ප්‍රකාශයක් කරලා තියෙනවා ආරක්ෂක ඇමතිවරයා පොලිසියට දැනුම් දුන්නා කියලා කාරණා හතක් සම්බන්ධයෙන්. නැවත පරීක්ෂණ ආරම්භ කරන්න. විශේෂයෙන්ම අපි දැක්කොත් බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් ජනාධිපති කොමිෂන් වාර්තාවක් තියෙනවා. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ජනාධිපති කොමිෂන් වාර්තාවක් තියෙනවා. එතකොට මේවා ක්‍රියාත්මක කිරීම තමයි තියෙන්නේ. මේ පරීක්ෂණ නැවත ආරම්භ වෙලා නැවත කල්ගත වෙලා මේ මැතිවරණ උණුසුම් ඔක්කොම ගියාට පස්සේ මේ සියල්ල යට යන දේශපාලන සංස්කෘතියක් තමයි කලින් තිබ්බේ.”

පුවත්

පොඩි සහරාන් අත්අඩංගුවට

Published

on

By

බෝරා උත්සවය පැවැත්වෙන කාල සීමාව තුළදී ඒ අවට ප්‍රදේශය තුළ සැරිසරමින් ජංගම දුරකථනයකින් වීඩියෝ ගත කළ පොඩි සහරාන් නමැති අනුවර්ත නාමයකින් පෙනි සිටින පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව බම්බලපිටිය පොලිසිය කියයි.

සැකකරු සන්තකයේ තිබූ ස්මාට් වර්ගයේ ජංගම දුරකථනයද පොලිස් භාරයට ගෙන ඇත.

සැකකරු විසින් බම්බලපිටියේ දුම්රියපොළ හා බෝරා පල්ලිය ආවරණ පරිදි වීඩියෝ ගත කිරීමක් සිදුකර යම් අපරාධයක් සිදු කිරීමට පූර්ව උපාය යෙදීමට සැකපිට බෝරාපල්ලිය අසල දුම්රිය මාර්ගයේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

මහනුවර ශ්‍රීමත් කුඩාරක්වත්ත මාවත පදිංචි 27 හැවිරිදි සැකකරු වැඩිදුර විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු වෙත භාරදී ඇත.

Continue Reading

පුවත්

“විසුම්පාය” සංචාරක ව්‍යාපෘතියකට බදු දෙයි

Published

on

By

රාජ්‍ය නායකයන් රැසක් සිය නිල නිවාසය ලෙස පාවිච්චි කරන ලද “විසුම්පාය” ගොඩනැගිල්ල සංචාරක ව්‍යාපෘතියක් වෙනුවෙන් බදු දීමට රජය තීරණය කර ඇති බව වාර්තා වේ.

ඒ සඳහා අවශ්‍ය මූලික කටයුතු කරගෙන යන බව නිවාස ඉදිකිරීම් සහ නාගරික සංවර්ධන අමාත්‍ය ආචාර්ය අනුර කරුණාතිලක මහතා පැවසීය.

යටත් විජිත සමයට අයත් වූ විසුම්පාය ව්‍යාපාර පවරා ගැනීමේ පනතේ 35 වැනි වගන්තිය යටතේ 1971 වර්ෂයේදී රජය සතු දේපළක් ලෙස රජයට පවරා ගනු ලැබීය.

මෙම සුවිසල් ගොඩනැගිල්ල තමන්ගේ නිල නිවාසය බවට පත්කරගත් දේශපාලනඥයෝ රැසක් වෙති. ඒ පිරිසට සිරිමාවෝ බණ්ඩාරනායක, දි.මු. ජයරත්න, අනුරුද්ධ රත්වත්තේ, ලක්ෂ්මන් කදිරගාමර්, මංගල සමරවීර, මහාචාර්ය ජී, එල්. පීරිස් යන අය ඇතුළත්ය.

විසුම්පාය කොළඹ පිහිටා ඇති සුන්දර ගොඩනැගිල්ලකි. ඉන්දීය හිටපු අගමැතිනි ඉන්දිරා ගාන්ධි, ලංකාවට පැමිණි අවස්ථාවේදී ඇයගේ නවාතැන වූයේද විසුම්පායයි.

මූලාශ්‍රය – ලංකාදීප

Continue Reading

පුවත්

යුද අපරාධ සහ වගවීමේ වැඩසටහන් රැසකට අමෙරිකානු අරමුදල් නතර කිරීමට නිර්දේශ – ශ්‍රී ලංකාවත් ඒ අතර

Published

on

By

විවිධ රටවල සිදුවූ බව කියන යුද අපරාධ සහ ඊට අදාළ වගවීමේ ක්‍රියාවලිය වෙනුවෙන් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහන් 24කට ආසන්න සංඛ්‍යාවක් සඳහා අමෙරිකානු අරමුදල් සැපයීම නතර කිරීමට ධවල මන්දිරය නිර්දේශ කර තිබේ.

රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරන්නේ මෙලෙස අරමුදල් නතර කිරීමට පියවර ගෙන ඇති වැඩසටහන්වලට අදාළ රටවල්වලට ශ්‍රී ලංකාව, ඉරාකය, සිරියාව සහ රුසියාව ද ඇතුළත් බවය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved