පුවත්

ශානි අබේසේකරට නව රජයෙන් වගකීමක්

Published

on

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ, ශානී අබේසේකර මහතාට වගකීමක් භාර දීමට නව රජය තීරණය කර තිබෙන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය, විජිත හේරත් මහතා පවසයි.

ඒ අනුව ඔහු සදහන් කරන්නේ යළි ආරම්භ කිරීමට තීරණය කර තිබෙන ආන්දෝලනාත්මක දූෂණ සහ ඝාතන පිළිබද විමර්ශන කටයුතු සිදු කිරීමට පත්කරන විශේෂ කමිටුව සදහා අවශ්‍ය සහාය ශානි අබේසේකර මහතාගෙන් ලබා ගැනීමට නියමිත බවය.

එම විශේෂ කමිටුව නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු විසින් මෙහෙයවීමට නියමිත බව වාර්තා වේ.

Trending

Exit mobile version