ශාරීරික දඬුවම් අවසන් කිරීමේ ජාත්‍යන්තර දිනය අදට (30) ට යෙදී තිබේ.
එයට සමගාමීව ඊයේ (29) දිනයේදී දණ්ඩ නීති සංග්‍රහයට සහ අපරාධ නඩු විධාන සංග්‍රහයට සියලුම ක්‍ෂේත්‍රයන්හි ශාරීරික දඬුවම් තහනම් කිරීම සඳහා වන සංශෝධන කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර ඇත.
මේ අනුව, සෑම දරුවෙකුගේම අයිතීන් සහ යහපැවැත්ම සුරක්ෂිත කිරීමට කැපවීම සමග පෙළ ගැසෙමින්, ශ්‍රී ලංකාවේ කිසිදු දරුවෙකු ශාරීරික හෝ මානසික ප්‍රචණ්ඩත්වයට ලක් නොවන බව සහතික කිරීම සඳහා නීතිමය ආරක්ෂාවක් සැලසෙනු ඇත.