Connect with us

පුවත්

ශා.තෝමස් විදුහලේ ගොඩනැගිල්ලක කෑල්ලක් කඩා වැටෙයි; විදුහල්පති පියනමට චෝදනා

Published

on

කොල්ලුපිටිය ශා.තෝමස් කනිටු විදුහල මධ්‍යයේ ඇති අනාරක්ෂිත ගොඩනැගිල්ලක කොටසක් කඩාවැටීම නිසා මේවන විට එම විදුහල දින නියමක් ‍නොමැතිව වසා දමා තිබේ.

ටොන් පහක් පමණ වන මේ ගොඩනැගිලි කොටස කඩා වැටී ඇත්තේ අවුරුදු නිවාඩුවට පාසල ආරම්භ කිරීමට දින දෙකකට පෙර බවද පැවසේ.

අදාළ ගොඩනැගිල්ලි කොටස කඩා වැටෙන අවස්ථාවේ පාසල් සිසුන් සිටියේ නම් විශාල අනතුරක් සිදුවීමට තිබූ බව එහි අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

අධ්‍යාපන අමාත්‍යංශයේ අධීක්ෂණය යටතේ පෞද්ගලික විදුහලක් ලෙස ක්‍රියාත්මක වන කොල්ලුපිටිය ශා.තෝමස් කනිටු විදුහලේ අදාළ ගොඩනැගිල්ලේ ඉදිකිරීම්වල ප්‍රමිතිය සම්බන්ධයෙන් ගැටුම් මතුවී තිබේ.

ඒ අනුව එම විදුහලේ වත්මන් විදුහල්පතිවරයා ලෙස කටයුතු කරනු ලබන නිහාල් ප්‍රනාන්දු පියතුමන්ට එහි දෙමවුපියන් විසින් ඔවුන්ගේ අත්සන් ද සහිතව ඉකුත් වසරේ (2023) ජනවාරි මාසයේදී දීර්ඝ ලිපියක් යොමුකර ඇත.

එහිදී, එම ගොඩනැගිල්ල තුළ 6,7 හා 8 වසරවල පංති පිහිටා ඇති බවත්, එහි සිසුන් 250කට ආසන්න පිරිසක් සිටින බවත් එම ගොඩනැගිල්ලේ අනාරක්ෂිත බව නිසා ඔවුන් දැඩි අනාරක්ෂිත බවක සිටින බව ඔවුන් පෙන්වා දී තිබිණි.

විදුහල්පති නිහාල් ප්‍රනාන්දු පියනමට දෙමාපියන් විසින් යවා තිබූ අදාළ ලිපිය පහත දැක්වේ.

අදාළ ලිපියට විදුහල්පතිවරයා විසින් මෙතෙක් පිළිතුරක් ලබාදී නොමැති අතර, ඔහු දෙමාපියන්ට චාචිකව දන්වා ඇත්තේ මෙම ඉදිකිරීම්වලට ආදිශිෂ්‍ය සංගමය අරමුදල් ලබාදෙන බැවින් ඔවුන් ඒ සඳහා පිළිතුරක් දෙනු ඇති බවයැයි ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ. 

එසේම, විදුහල්පතිවරයා මේ ගොඩනැගිල්ල‍ේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කිරීමේදී අත්තනෝමතික අයුරින් කටයුතු කිරීම නිසා මේවන බවිට විශාල ගැටලු රාශියක් පැන නැගී ඇති බව වාර්තා වේ.

පසුගිය වසරේදී මේ ගොඩනැගිල්ලේ සිදු කරන ලද ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකර ඇත්ත‍ේ පිළිගත් කොන්ත්‍රාත්කරුවෙකු විසින් නොවන අතර, ඒ අනුව දෙමාපියන් ඉල්ලා සිටි පරිදි ස්වාධීන ඇගයීමක් සිදුවී නොමැත.

එසේම, මීට මාස තුනකට පෙර මේ විදුහලේ තිබූ තවත් අනාරක්ෂිත තාප්පයක් කඩා වැටී ඇති අතර, විදුහල්පතිවරයා විසින් එය දෙමාපියන්ට ද වසන්කර ඇත.

මේ අතර, මෙහි අවසන්වරට කොන්ත්‍රාත් කටයුතු කළ පුද්ගලයන් කවුද ඒ සදහා කොපමන මුදලක් වැයවූයේද යන්න පිළිබඳවද විදුහල්පතිවරයා මෙතකේ අනාවරණය කර නොමැති බවද වාර්තා වේ.

එය ප්‍රතිසංස්කරණය කළ හැකි බවට ඇගයීම්  සිදු කළේ පිළිගත්, බලයලත් ව්‍යුහාත්මක ඉංජිනේරුවෙකු හෝ ඉංජිනේරු සමාගමක් විසින් යන්න පිළිබඳවද දෙමාපියන් දැනුවත් කර නොමැති බව පැවසේ.

පෞද්ගලික පාසලක් වන මෙහි එක් සිසුවකුගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් වාරයක් සඳහා රුපියල් 35,000/ කට ආසන්න මුදලක් ලබා ගන්නා බවද වාර්තා වේ.

පුවත්

කෑගල්ල උණුසුම් වූ බස් අනතුර

Published

on

By

කෑගල්ල අවිස්සාවේල්ල මාර්ගයේ කොට්ටපොල ප්‍රදේශයේදී පුද්ගලික බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී තිබේ.

අද (18) පස්වරු 4.00ට පමණ මෙම අනතුර සිදුව ඇති අතර එම අනතුරින් පුද්ගලයින් 26 දෙදෙනකු තුවාල ලබා ඇති බවත් ඉන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතළ බවත් වාර්තා වේ.

නුවර සිට අවිස්සාවේල්ල බලා ධාවන වූ පෞද්ගලික බස් රථයක් අධික වේගය සහ අපරික්ෂාකාරී ලෙස වෙනත් වාහනයකට ඉස්සර කිරීමට යාමත් සමග මෙම අනතුර සිදුව ඇතැයි පොලීසිය පවසයි.

තුවාලකරුවන් කෑගල්ල මහරෝහලයට සහ තොරනගහපිටිය ග්‍රාමීය රෝහලට ඇතුළත් කළ බවයි පිංදෙණිය පොලීසිය ප්‍රකාශ කර සිටී.

අනතුරට පත් එක් බස් රථයක රියදුරෙකු බරපතළ තත්ත්වයේ ප්‍රතිකාර ලබන අතර අනෙක් රෝගියා කාන්තාවක් බවයි වාර්තා වේ.

Continue Reading

පුවත්

“මුලින්ම තියන්නේ ජනාධිපතිවරණය නෙමෙයි”

Published

on

By

ස්ථීරයෙන්ම එන්නේ ජනාධිපතිවරණය නොව මහ මැතිවරණය බවත් ලබන 14 හෝ 15 පාර්ලිමේන්තුව අනිවාර්යයෙන්ම විසුරුවන බවත් රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා පවසයි.

පෞද්ගලික රූපවාහිනී නාලිකාවක් සමඟ පැවති සාකච්ඡාවකට එක් වෙමින් උදයංග වීරතුංග මහතා මේ බව සඳහන් කලේය.

මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමග එකඟත්වයට පැමිණ අවසන් බවද ජනාධිපතිවරණයට පෙර මහ මැතිවරණය පැවැත්වීමට ඇති කරගෙන ඇති එකඟතාව පිළිබඳව දන්නේ  ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ එක් අයකු පමණක් බවද ඔහු මෙහිදී පවසා ඇත.

“ අගමැති අපේක්ෂකයෙක් නම් කරන්න බලාපොරොත්තුවක් නැහැ. ධම්මික පෙරේරා ඉතා ප්‍රබල අපේක්ෂකයෙක් විදියට ඉදිරිපත් වෙනවා. ඒ තීරණය තියෙන්නේ පොහොට්ටුවේ එක ඔලුවක විතරයි. පාර්ලිමේන්තු මැතිවරණයක් එනවා. පාර්ලිමේන්තුවේ බහුතරය ඒකට විරුද්ධයි. අනුර කුමාරත් විරුද්ධයි. ජාතික ජන බලවේගයට රැල්ලක් ඇවිල්ලා තියෙන්නේ සමාජ මාධ්‍යයෙන් පමණයි. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේක්ශකයා රනිල් වික්‍රමසිංහ නෙමෙයි. ඒක දැන් තීරණය කරල ඉවරයි.”

Continue Reading

පුවත්

ඇල්ල – වැල්ලවාය මාර්ගය යළිත් වැසෙයි

Published

on

By

ඇල්ල – වැල්ලවාය ප්‍රධාන මාර්ගය අද (18) රාත්‍රී 8 සිට හෙට (19) උදෑසන 6 දක්වා ගමනාගමනය සඳහා වසා තැබීමට යළිත් තීරණය කර තිබේ.

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් එම තීරණය ගත් බව දිස්ත්‍රික් ලේකම්වරයා පවසයි.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved