පුවත්

ශිවරාත්‍රී දා පූසාරියකු ඇතුළු 8ක් පොලිසිය අත්අඩංගුවට අරගෙන

Published

on

වවුනියාව නෙදුන්කෙණි, වඩුන්නාගල (වඩික්කනාරමලෙයි) පුරාවිද්‍යා ස්ථානයේ ශිවරාත්‍රි දිනය නිමිතකරගනිමින් දෙමළ දේශපාලන නායකයින් අ‍ැතුළු පිරිසක් අනවසරයෙන් පුරාවිද්‍යා ස්ථායේ පැවැත්වූ උත්සවයක් හේතුවෙන් පොලිසිය සහ පැමිණි පිරිස් අතර නොසන්සුන්කාරී තත්වයක් ඇතිව ඇතැයි වාර්තා වේ.

ශිව රාත්‍රි පූජාව පුරාවිද්‍යා ස්ථානයට හානි නොවන‍සේ කටයුතු කරන ලෙස පොලිසිය හා වවුනියාව පුරාවිද්‍යා නිලධාරීන් පැමිණි දේශපාලන නායකයින් සහ එම පිරිසට පැවසීමත් සමග එයට විරොධය පලකරමින් අදහස් දැක්වීමේදී දෙපාර්ශවය අතර නොසන්සුන්කාරී තත්වයක් හටගත් අතර එහිදී පූසාරිවරයකු අ‍ැතුළු අටදෙනකු පොලිස් අත්අඩංගුවටපත්ව තිබේ.

ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සිවඥානම් ශීදරන්, පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාසා ගජේන්ද්‍රන්, පි 2  සංවිධානයේ සභාපති වේලන් සාමි අ‍ැතුළු 500ක පමණ පිරිසක් සවස් කාලයේ වඩුන්නාගල පුරාවිද්‍යා භූමියට පැමිණ මෙම උත්සවය සංවිධානය කර තිබේ.

වෙඩුන්නාගල පුරාවිද්‍යා ස්ථානය අනුරාධපුර මුල්යුගයට අයත් වටිනා පුරාවිද්‍යා ස්ථානයක් වන අතර එම ස්ථානයට හානි නොවන ලෙස කටයුතු කරන ලෙසත් පොලිසිය හා පුරාවිද්‍යා නිලධාරීන් ඉල්ලීම් කලද පැමිණි පිරිස එම ස්ථානයට හානි වන ලෙස ශිව රාත්‍රිය සමරමින් සිටි බව පොලිසිය කියා සිටී.

නොසන්සුන්කාරී අවස්ථාවේදී පැමිණ පිරිස් ඉවත් කල අතර එහිදී අකිල ඉලංගෙයි තමිල් කොංග්‍රස‍යේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාසා ගජෙන්ද්‍රන් මහතා පොලිසිය විසින් ඔසවාගෙන ගොස් පුරාවිද්‍යා භූමියෙන් ඉවත්කරනු ලැබීය.

ඡායාරූප – ලංකාදීප

Trending

Exit mobile version