Connect with us

පුවත්

ශිෂ්‍යත්ව ප්‍රතිඵල දින 45න් 

Published

on

පහ වසර ශිෂ්‍යත්ව විභාගය කිසිදු ගැටලුකාරි තත්ත්වයකින් තොරව ඊයේ (15) සාර්ථිකව අවසන් වූ බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා කියයි.

විභාග ප්‍රතිඵල දින හතළිස් පහක් ඇතුළත නිකුත් කිරීමට බලාපොරොත්තු වෙන බවත් ඒ මහතා වැඩිදුරටත් කියා සිටී.

ශිෂ්‍යත්ව විභාගය අවසන් වීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් කොමසාරිස් ජනරාල්වරයා මේ බව කීය.

මේ අතර ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත් ඇගැයීමේ කටයුතු මෙම 26 දා සිට ආරම්භ කරන බව නියෝජ්‍ය විභාග කොමසාරිස් ලසික සමරකෝන් මහතා සදහන් කරයි.

මේ මස 31 වැනිදා දක්වා දින 6ක් පුරා ඇගැයීම් කටයුතු සිදු කර දින 45ක් වැනි කාලයක් තුළදී ප්‍රතිඵල නිකුත් කළ හැකි බව ද ඒ මහතා පැවසුවේය.

පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ සියලුම පිළිතුරු පත්‍ර අද (16) උදෑසන වන විට රට පුරා ප්‍රාදේශීය එක්රැස් කිරීමේ මධ්‍යස්ථාන මඟින් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවට ලැබීමට නියමිත යැයිද හෙතෙම පැවැසීය.

රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටි දරුවන් 11ක් ශිෂ්‍යත්ව විභාගය සඳහා ළඟම පිහිටි විභාග මධ්‍යස්ථානයට යොමු කළ බවත් මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි දරුවන් 4කට රෝහලේ විභාග මධ්‍යස්ථානයක් පිහිට වූ බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි දරුවන් 3ක් රෝහල⁣ට ළඟම විභාග මධ්‍යස්ථානය වූ බොරැල්ල කන්නන්ගර විද්‍යාලයටත්, මාතර මහ රෝහලේ සහ සමූපකාර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි දරුවන් 2ක් මාතර ශාන්ත තෝමස් විද්‍යාලයටත්, නිකවැරටිය රෝහලේ ප්‍රතිකාර ලැබූ දරුවෙක් නිකවැරටිය ජයන්ති විද්‍යාලයටත්, රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි දරුවෙක් කඩවත ධර්මදර්ශි විද්‍යාලයටත් පහ වසර ශිෂ්‍යත්ව විභාගය සඳහා යොමු කළ බව ද ඒ මහතා කීය.

දකුණේ ආපදා තත්ත්වය නිසා ආපදා කළමනාකරණ අංශ, හමුදා, පොලිස් ඇතුළු කණ්ඩායම් සමඟ විශේෂ වැඩපිළිවෙළක් සකස් කර සිසු සිසුවියන්ට විභාග මධ්‍යස්ථානවලට පැමිණීමට පහසුකම් සලසා දුන් බවත්, මාලිම්බඩ සුමේධ විද්‍යාලයේ යම් ප්‍රවාහන ගැටලුවක් පැවැතියත් ඊට ද කඩිනමින් සැලසුමක් සකස් කර ඒකාබද්ධ වැඩපිළිවෙළක් දරුවන් වෙනුවෙන් ක්‍රියාත්මක කළ බවත් විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසීය.

පවතින කාලගුණ තත්ත්වය යටතේ දකුණු පළාතේ ආපදා තත්ත්වයක් පැවැතිය ද, සියලුම දරුවන්ට විභාගය සඳහා අවස්ථාව සලසාදීමට ඇප කැපවී කටයුතු කළ පළාතේ සියලු නිලධාරීන්ට විශේෂ ස්තුතිය පුද කරන බවත් ඊට අමතරව විභාගය සාර්ථක පවත්වා ගැනීමට පහසුකම් සලසා දුන් සියලුම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට ද, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් හා කලාප අධ්‍යාපන නිලධාරීන්ට ද, පාසල්වල සියලුම ගුරු මහත්ම මහත්මීන්ටද ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව සහ පොලිසියට ද, ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන නිලධාරීන්ට ද ස්තුතිය පුද කරන බවත් හෙතෙම පැවසීය.

පුවත්

අල්ලස් කොමිසමෙන් රනිල්ට දින දෙයි

Published

on

By

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එළැඹෙන 25 වැනිදා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින එම කොමිසම දන්වා තිබේ.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා සම්බන්ධව සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහාය.

ඒ අනුව එළැඹෙන 25 වැනිදා පෙරවරු 09.30ට අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අල්ලස් කොමිසම දැනුම් දී තිබේ.

සබැඳි පුවත් :

අල්ලස් කොමිසමට කැඳවීම ගැන රනිල්ගෙන් නිවේදනයක්

Continue Reading

පුවත්

දේශබන්දුට අධිකරණයෙන් නියෝගයක්

Published

on

By

අධිකරණයෙන් ඇප ලබා පිටව යාමේදී අධිකරණ නියෝග කඩවන ආකාරයෙන් ක්‍රියාකිරීම සම්බන්ධයෙන් එළඹෙන අප්‍රේල් 25වනදා මාතර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස රාජකාරී අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට සහ ඔහුව අධිකරණයෙන් පිටතට රැගෙනයාමට භාවිත කළ මෝටර් රථයේ හිමිකරුට නියෝග කර තිබේ.

මාතර මහෙස්ත්‍රාත්වරයා විසින් එම නියෝගය ලබාදී තිබේ.

ඒ ඉකුත් අප්‍රේල් මස 10වනදා දේශබන්දු තෙන්නකෝන් ඇප ලබා මාතර මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයෙන් පිටව යාමේදී අධිකරණ නියෝග කඩ කර ඇති බවට නීතිපතිවරයා මෝසමක් මගින් අද (21) අධිකරණයට කළ කරුණු දැක්වීමෙන් අනතුරුවයි.

Continue Reading

පුවත්

මුළු ආණ්ඩුවක් එක්ක තනි මම රැම්බෝ වගේ (වීඩියෝ)

Published

on

By

මුළු ආණ්ඩුවක් සමඟම තමන් තනිව, සුප්‍රකට හොලිවුඩ් වීරයෙකු වන රැම්බෝ මෙන් සටනක නිරතව සිටින බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

පිල්ලෙයාන් රැදවුම්භාරයට ගනිමින්, ඉන් පසුව, පිල්ලෙයාන් හෙළිදරව්වක් සිද්ධ කලා යැයි කියමින් යම් කිසි පාර්ශ්වයක් අත්අඩංගුවට ගැනීමට රජය දියත් කර තිබුණු කුමන්ත්‍රණය, තමන් උපායශීලීව පිල්ලෙයාන් හමුවීමට යාම නිසා කඩාකප්පල් වූ බව ගම්මන්පිල මහතා විසින් පෙන්වා දෙනු ලබයි.

විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved