පුවත්

ශිෂ්‍යත්ව විභාගයට අදාළ උපකාරක පන්ති එළඹෙන හෙට රෑ සිට තහනම්

Published

on

5 ශ්‍රේණිය 2024 ශිෂ්‍යත්ව විභාගය ඉලක්ක කරගත් සියලුම උපකාරක පන්ති, දේශන හෝ වැඩමුළු එළඹෙන 11 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට නතර කළ යුතු බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

එමෙන්ම විභාග ප්‍රශ්න පත්‍රවල ප්‍රශ්න ලබාදෙන බවට හෝ ඒ හා සමාන ප්‍රශ්න ලබාදෙන බවට පෝස්ටර්, බැනර්, අත් පත්‍රිකා ප්‍රසිද්ධ කිරීම හෝ එවැනි දෑ ළඟ තබා ගැනීම තහනම් වෙයි.

මෙවර ශිෂ්‍යත්ව විභාගය ලබන 15 වැනිදා විභාග මධ්‍යස්ථාන 2849කදී පැවැත්වීමටයි කටයුතු සූදානම් කර ඇත.

Trending

Exit mobile version