මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා අයැදුම්පත් කැඳවීම අදින් (06) අවසන් වන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
අද (06) මධ්‍යම රාත්‍රී 12.00න් පසු එම කාලය අවසන් වන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසුවේය.
අයදුම්පත් කැඳවීම ජූනි 15දා සිට මාර්ගගත ක්‍රමයට ආරම්භ කර තිබුණි.
මෙවර ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝබර් 15දා පැවැත්වීමට සැලසුම් කර තිබේ.