Connect with us

පුවත්

ශිෂ්‍යත්ව විභාගය ගැන අවසන් තීරණය(Update)

Published

on

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය නැවත නොපවත්වන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි.

අද පැවති මාධ්‍ය හමුවේදී ඔහු මේ බව සඳහන් කලේය.

විභාග ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් පිටවී ඇති බව සිදු කළ පරීක්ෂණ වලදී හෙලි වූ බැවින් එම ප්‍රශ්න සඳහා නිදහස් ලකුණු ලබා දි උත්තර පත්‍ර පරීක්ෂණ කටයුතු ආරම්භ කරන බව ඔහු පැවසීය.

දරුවන්ගේ මානසික තත්ත්වය සහ දරුවන් තත්ත්වන පීඩාව ගැන සලකා බලා මේ තීරණය ගත් බවයි විභාග කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් කියා සිටියේය.


ශිෂ්‍යත්ව විභාගය ගැන අවසන් තීරණය අද

මතභේදකාරී තත්වයකට මුහුණ දී ඇති පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් අවසන් තීරණය අද (14) දිනයේ දැනුම් දීමට නියමිතය.

ඒ අනුව අද උදෑසන විභාග කොමසාරිස් ජනරාල්වරයා විසින් විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් මේ සම්බන්ධයෙන් ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවට වාර්තා වේ.

කෙසේ වෙතත් ශිෂ්‍යත්ව විභාගය යළි නොපවත්වනු ඇති බව වාර්තා වේ

එහි ප්‍රශ්න තුනක් පමණක් පිටවී ඇති බවට සිදු කළ විමර්ශනවලදි තොරතුරු අනාවරණය වීමත් සමග මෙම තීරණය ගෙන ඇති බව සඳහන්ය.

මෙම තත්ත්වය තුළ දැනට අත්හිටුවා ඇති පිළිතුරු පත්‍ර පරීක්ෂා කටයුතු කඩිනමින් ආරම්භ කිරීමටද නියමිතය.

ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකිරීම සඳහා කමිටු කිහිපයක් පත් කළ අතර එම පරීක්ෂණ කණ්ඩායම්වල අවසන් තීරණය වී ඇත්තේ විභාගයට පෙර පිටවී ඇත්තේ ප්‍රශ්න 03ක් පමණක් බවය.

ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර පිටවීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ද වෙනනම පරීක්ෂණයක් ආරම්භ කලේය.

එහෙත් දෙමව්පියන් පිරිසක් අවස්ථා කිහිපයක දී මාධ්‍ය හමු පවත්වමින් සහ උද්ඝෝෂණ පවත්වමින් සදහන් කළේ සම්පුර්ණ ප්‍රශ්න පත්‍රයම පිටවී ඇති බවය.

මේ සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමග එම දෙමව්පියන් සාකච්ඡා කළ අතර එහි ප්‍රථිපලයක් ලෙස පරීක්ෂණ කටයුතු අවසන් වන තෙක් ශිෂ්‍යත්ව විභාගයේ උත්තර පත්‍ර පරීක්ෂා කිරීමේ කටයුතු අත්හිටුවනු ලැබුවේය.

පුවත්

පස්වරැ 02 වන විට ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය (UPDATE)

Published

on

By

අද (06) දහවල් 2 වනවිට දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය  40% ඉක්මවා ඇති බව වාර්තා වේ.

ඒ අනුව,

  • මන්නාරම – 54%
  • රත්නපුර – 50%
  • වව්නියාව – 49%
  • අම්පාර  – 48%
  • බදුල්ල – 48%
  • මාතර – 45%
  • කෑගල්ල – 45%
  • කළුතර – 45%
  • පොළොන්නරුව – 45%
  • මොණරාගල – 43%
  • හම්බන්තොට – 42%
  • පුත්තලම – 40%
  • අනුරාධපුරය – 40%
  • කොළඹ -40%
  • කිලිනොච්චිය – 39%
  • ගම්පහ – 36%
  • යාපනය – 34%

(පෙර පුවත 2025 මැයි 06 ප.ව.2.25)

දහවල් 1 වනවිට ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය

අද (06) දහවල් 1 වනවිට දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය 35% ඉක්මවා ඇති බව වාර්තා වේ.

ඒ අනුව,

  • බදුල්ල – 48%
  • මන්නාරම – 47%
  • මොණරාගල – 43%
  • අම්පාර  – 41%
  • අනුරාධපුරය – 40%
  • කිලිනොච්චිය – 39%
  • පුත්තලම – 38%
  • රත්නපුර – 38%
  • ගම්පහ – 36%
  • යාපනය – 34%

(පෙර පුවත 2025 මැයි 06 ප.ව.1.26)

මධ්‍යහ්න 12 වන විට ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය

අද (06) මධ්‍යහන 12 වන විට දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය සියයට 30 ඉක්මවා ඇති බව වාර්තා වේ.

ඒ අනුව,

  • මාතර – 42%
  • මන්නාරම – 40%
  • ත්‍රිකුණාමලය – 36%
  • බදුල්ල – 36%
  • ගාල්ල – 35%
  • යාපනය 35%
  • පොළොන්නරුව – 34%
  • කෑගල්ල – 33%
  • මහනුරව 33%
  • අම්පාර  – 31%
  • රත්නපුර – 30%
  • පුත්තලම  – 30%
  • අනුරාධපුර 30%
  • කොළඹ – 28%

(පෙර පුවත 2025 මැයි 06 ප.ව.12.47 )

පෙරවරු 11 වන විට ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය

අද(06) පැවැත්වෙන පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව පෙරවරු 11 වන විට ඡන්දදායකයින් ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතයන් පහතින් දැක්වේ.

  • වවුනියාව – 37%
  • ත්‍රිකුණාමලය – 28%
  • රත්නපුර – 20%
  • කෑගල්ල – 25%
  • මන්නාරම – 26%
  • හම්බන්තොට – 20%
  • අනුරාධපුර – 22%
  • දිගාමඩුල්ල – 26% 

Continue Reading

පුවත්

මහින්දානන්ද හා ශෂීන්ද්‍ර අත්අඩංගුවට..?

Published

on

By

2021 වසරේ චීන සමාගමකින් ගෙන්වූ පොහොර තොගයක් ප්‍රමිතියෙන් තොර වීම නිසා රජයට ඩොලර් මිලියන 6.9ක අලාභයක් සිදුවූ බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරුන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පියවර ගන්නා බව අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසම විසින්  කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ.

අදාළ නඩුව අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේ විමර්ශන නිලධාරීන් විසින් වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් මේ බව ප්‍රකාශ කර ඇත.

එවකට කෘෂිකර්ම අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් ලෙස කටයුතු කල මහේෂ් ගම්මන්පිල මහතා මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගතව සිටින අතර, ඔහු අධිකරණය හමුවේ පෙනී සිටි අවස්ථාවේදී විමර්ශන නිලධාරීන් මේ තොරතුරු හෙළි කළහ.

හිටපු අමාත්‍යවරුන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගැනීමට විමර්ශන සිදු කරන බවද නිලධාරීන් විසින් එහිදී අනාවරණය කර තිබේ.

2021 වසරේ මෙරට කෘෂිකර්ම අමාත්‍ය ධුරය මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් දරන ලද අතර කෘෂිකර්ම රාජ්‍ය ඇමති ලෙස කටයුතු කලේ ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ය.

Continue Reading

පුවත්

ස්ථාන මාරුවේදී වාහනෙත් මාරු කරාද?

Published

on

By

සුරාබදු දෙපාර්තමේන්තුවට අයත් මෝටර් රථයකට අදාළව පලවන ප්‍රවෘත්තියක් සම්බන්ධයෙන් එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබේ.

එහි සඳහන් වන්නේ සුරාබදු දෙපාර්තමේන්තුවට අයත් සුඛෝපභෝගී මෝටර් රථයක් දෙපාර්තමේන්තුවේ ප්‍රධානියෙකු විසින් වෙනත් රැකියා ස්ථානයකට මාරුවී ගිය අවස්ථාවේදී රැගෙන ගොස් ඇති බවත් ඒ වෙනුවට වෙනත් කුඩා මෝටර් රථයක් දෙපාර්තමේන්තුවට භාරදී ඇති බවත් විවිධ මාධ්‍ය මගින් ප්‍රචාරය කර ඇති බවය.

ඒ අනුව මේ සම්බන්ධයෙන් විමර්ශනයක් කිරීම සඳහා ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර ඇත.

අදාළ කමිටු වාර්තාව ලැබීමෙන් පසු මේ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා බව සුරාබදු කොමසාරිස් ජනරාල් යූ.එල්.උදය කුමාර මහතා දන්වා සිටින බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved