පුවත්

ශිෂ්‍යත්ව විභාගය ගැන රජය ගත් විශේෂ තීරණය

Published

on

ජනාධිපති අනුර කුමාර දිසානායක සහ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර ගැටලුව සම්බන්ධයෙන් උද්ඝෝෂණයක නිරත වූ දෙමව්පියන් පිරිසක් අතර සාකච්ඡාවක් ඊයේ (30) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

එහි ප්‍රතිඵලයක් ලෙස 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර පරීක්ෂාව සති දෙකකට අත්හිටු වීමට ජනාධිපතිවරයා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

පසුගිය 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න 03ක් නොව ප්‍රශ්න 08ක් විභාගය පැවැත් වීමට පෙර පිටව ඇති බවත්, එබැවින් එහි පළමු ප්‍රශ්න පත්‍රයට අදාල විභාගය නැවත පවත්වන ලෙස ද දෙමව්පියන් මෙහිදී ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබෙන බව ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කලේය.

Trending

Exit mobile version