දිවයින පුරා ශීත කාලගුණය තවදුරටත් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඒ නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ආශ්‍රිතව ක්‍රියාත්මක මැන්ඩවුස් සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් මෙරටට හමා එන සුළං ප්‍රවාහ හේතුවෙනි.
දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළං වේගය තවදුරටත් ඉහළ මට්ටමක පවතින බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා ප්‍රකාශ කළේ ය.
එමෙන්ම මෙම සුළි කුණාටුව අද(09) තමිල්නාඩුවට ඇතුළුවනු ඇති බවද ඔහු පවසා තිබේ.