Connect with us

පුවත්

ෂාෆ්ටර්ගේ ඇඳ ඉහපත් වාර්තාව දින දෙකක් තුළ ඉල්ලයි!

Published

on

ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මහතා ප්‍රතිකාර ලබා ගත් කොළඹ මහ රෝහලේ හදිසි අනතුරු අංශයේ ඇඳ හිස්පත් අංකය යටතේ මරණකරු ප්‍රතිකාර ලැබූ මූලික පරීක්ෂණවලට අදාළ සියලු වාර්තා දින දෙකක් ඇතුළත දී වහා අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය ඊයේ (22) කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයා වෙත දෙවැනි වරටත් නියෝග නිකුත් කළාය.

අධිකරණය මඟින් අදාළ නියෝගය නිකුත් කර සතියකට අධික කාලයක් ගතවුවද මේ දක්වා එකී වාර්තා අධිකරණය වෙත නොලැබුණු බව සඳහන් කළ මහේස්ත්‍රාත්වරිය කඩිනමින් අදාළ වාර්තා ඉදිරිපත් කරන ලෙස දන්වමින් කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයා වෙත සිහිකැඳවීමේ ලිපියක් යොමු කිරීමටද නියෝග කළාය.

දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණය සම්බන්ධයෙන් අධිකරණ වෛද්‍යවරයා විසින් නිකුත් කළ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ ඔහු ප්‍රතිකාර කළ ඇඳ හිස්පතේ අංකය සඳහන් නොවන බැවින් 2022/12/15 වන දිනට අදාළව ප්‍රතිකාර ලබාගත් ඇඳහිස් වාර්තාව, ස්කෑන් වාර්තාව ආදි සියලු අනුගතික වෛද්‍ය වාර්තා අධිකරණයට ලබා දෙන ලෙසට මේ මස 14 වැනි දින මරණකරුගේ පාර්ශ්වය විසින් අධිකරණයේ කරනු ලබන ඉල්ලීමකට අනුව මහේස්ත්‍රාත්වරිය මේ නියෝගය නිකුත් කර තිබිණි.

මරණකරු භාවිත කළ වතුර බෝතලය, ඔහුගේ ගෙල සිර කර තිබූ කේබල් වයරය හා දෙඅත් බැඳ තිබූ බව කියන සිප් ටයි පටියේ ආගන්තුක ජෛව සාම්පලය ඇති බවට රජයේ රස පරීක්ෂකවරයා විසින් නිකුත් කළ රස පරික්ෂක වාර්තාවේ සඳහන් වන බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය වෙත දැනුම් දීමත් සමඟ මේ මරණය ඝාතනයක්ද? සියදිවි හානි කර ගැනීමක්ද? යන්න සම්බන්ධ තීන්දුව ලබා දීම මහේස්ත්‍රාත්වරිය විසින් පංචපුද්ගල විශේෂඥ වෛද්‍ය මඬුල්ලක් වෙත පවරා මතය විමසීමට තීරණය කර තිබිණි.

තවද මරණ පරීක්ෂණය සිදු කරන අවස්ථාවේදී ලබා ගන්නා ලද ඡායාරූප හා වීඩියෝ දර්ශන ඇත්නම් වහා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝගයක් නිකුත් කර තිබූ බවත් එකී වාර්තා අධිකරණය වෙත ලැබී ඇති බවට මහේස්ත්‍රාත්වරිය සඳහන් කළාය. 

මෘතදේහය සම්බන්ධයෙන් ක්‍රියා කළ වෛද්‍ය නලින් යන අයගේ වාර්තා හා බොරැල්ල පොලිසියේ සොකෝ නිලධාරීන්ගේ ඡායාරූප පිටපත් කරන ලද සීඩී තැටියද අධිකරණය වෙත ලැබී ඇති බව සඳහන් කළ මහේස්ත්‍රාත්වරිය කොළඹ මහ රෝහලේ හදිසි අනතුරු අංශය වෙත ඇඳහිස් පත් අංකය යටතේ ප්‍රතිකාර ලැබූ මරණකරුගේ මූලික පරීක්ෂණවලට අදාළ සියලු වාර්තා මෙතෙක් අධිකරණය වෙත නොලැබී ඇති බව සඳහන් කළාය. 

පුවත්

ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වෙයි

Published

on

By

අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වී තිබේ.

88 හැවිරිදි වියේ පසුවූ පාප්වහන්සේ ස්වර්ගස්ථ වී ඇත්තේ, වතිකානයේ කාසා සැන්ටා මාර්තා හි පිහිටි උන්වහන්සේගේ නිවසේදීය.

ශ්වසන මාර්ගය ආශ්‍රිත රෝගී තත්ත්වයක් හේතුවෙන් මාසයකට වැඩි කාලයක් රෝහල්ගතව සිටි ෆැන්සිස් පාප්වහන්සේ ඉන් අනතුරුව සුවය ලබා ආපසු පැමිණියේය.

ඊයේ (20) දිනයේ වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ පැවැති පාස්කු දේව මෙහෙයටත් උන්වහන්සේ එක්වුණි.

Continue Reading

පුවත්

නොරොච්චෝලේ නවතා තිබූ ජනන යන්ත්‍රය යළි ක්‍රියාත්මකයි

Published

on

By

අවුරුදු උත්සව සමයේ පැවති අඩු ඉල්ලුම හේතුවෙන් නොරොච්චෝලේ විදුලි බලාගාරයේ අක්‍රීය කර තිබූ ජනන යන්ත්‍රය අද (21) උදෑසන 11ට නැවත ක්‍රියාත්මක කළ බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

වර්තමානයේ පවතින ඉහළ බල ඉල්ලුමට අනුගතව ඒකක තුනම ක්‍රියාත්මක වෙමින් පවතින බව වැඩිදුරටත් දැනුම් දී තිබේ.

ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න මහතා මේ බව දැනුම් දී ඇත.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාවේ වෙනසක්

Published

on

By

සිරි දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාව සංශෝධනය කර ඇති බව ශ්‍රී දළදා මාලිගාව මහජනතාව වෙත නිවේදනය ක‍රයි.

එම කාලවේලාව පැයකින් දීර්ඝ කර ඇති අතර සංශෝධිත නව කාල සීමාව වන්නේ පෙරවරු 11.00 සිට සවස 5.30 දක්වා ය.

දිවයිනේ නන්දෙසින් මහනුවරට පැමිණෙන බැතිමතුන්ගේ සංඛ්‍යාව වැඩි වී තිබීම මෙම කාල දිගුවට හේතුවයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved