පුවත්

ෂාෆ්ටර්ගේ දේහය භූමදානය කරන්න අවසර දෙයි

Published

on

ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මෘත ශරීරය භූමදානය කිරීම සඳහා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය ඔහුගේ පවුලේ සාමාජිකයින්ට අද (16) අවසර ලබා දුන්නේය.

ඒ අනුව කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය නියෝග කළේ මරණකරුගේ දේහය ඔහුගේ බිරිඳ විසින් කොළඹ ජාවත්ත සුසාන භූමියේ මිලදී ගෙන තිබෙන බිම් කඩක භූමදානය කරන ලෙසය.

ෂාෆ්ටර් මහතාගේ මරණයට හේතු සෙවීම සඳහා පත් කරනු ලැබූ පංච පුද්ගල විශේෂඥ වෛද්‍ය කමිටුව විසින් දේහය ආදාහනය කිරීම නුසුදුසු බවට කර තිබූ නිර්දේශ විමර්ශනය කිරීමෙන් පසුව මහෙස්ත්‍රාත්වරිය එම නියෝගය ලබාදී තිබේ.

අනතුරුව මෙම පරීක්ෂණය ලබන 31 වන දා යළි කැඳවීමට නියෝග කළ මහෙස්ත්‍රාත්වරිය එදින විමර්ශන පැවැත්වූ පංච පුද්ගල වෛද්‍ය කමිටුවේ වාර්තාව අධිකරණයට ඉදිරිපත් වනු ඇතැයි අපේක්ෂා කරන බවත් සඳහන් කර සිටියාය.

Trending

Exit mobile version