Connect with us

පුවත්

ෂාෆ්ටර්ග‍ේ මිතුරන්ග‍ේ බඩු 20ක් රජය‍ේ රස පරීක්ෂකට!

Published

on

ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ සමීපතමයන් භාවිත කරන ලද ජංගම දුරකථන, ලැප්ටොප් පරිගණක වහාම රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර වාර්තාවක් ගන්නා ලෙස අධිකරණය පොලිසියට ඊයේ (04) නියෝග කළේය.

මියගිය දිනේෂ් ෂාෆ්ටර් සමීප ලෙස ඇසුරු කරන ලද ක්‍රිකට් විස්තර විචාරක බ්‍රයන් තෝමස්ගේ ජංගම දුරකථනය සහ ලැප්ටොප් පරිගණකය ඇතුළුව ඔහුගේ සමීපතමයන්ගේ නඩු භාණ්ඩ 20 ක් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමුකර වාර්තාවක් ගැනීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර දුන්නේය. 

මෙම සිද්ධියට අදාළව මෝසමක් මගින් අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නඩු භාණ්ඩද අධිකරණය වෙත ඉදිරිපත් කර තිබිණි.

ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණයට හේතුව සෙවීම සඳහා අධිකරණය මේ වන විට පංච පුද්ගල විද්වත් කමිටුවක්ද පත්කර තිබෙන අතර එහි වාර්තාව මෙතෙක් ලැබී නොමැත.

සබැදි පුවත්

ෂාෆ්ටර්ගේ මරණයට තවත් 10යකගේ DNA ගනියි!

දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණයට බ්‍රයන් තෝමස්ගේ DNA පරික්ෂාවක්!

ෂාෆ්ටර්ගේ ඇඳ ඉහපත් වාර්තාව දින දෙකක් තුළ ඉල්ලයි!

ෂාෆ්ටර්ගේ මරණය ගැන සොයන්න පංච පුද්ගල වෛද්‍ය මඩුල්ලක්!

ෂාෆ්ටර්ගේ නඩු භාණ්ඩවල ආගන්තුක DNA සාම්පලයක්!

පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා පරස්පර බව ෂාෆ්ටර්ගේ ඥාතීන් කියයි

ෂාෆ්ටර්ගේ මරණය ගැන ආන්දෝලානාත්මක වාර්තාවක්!

පුවත්

අල්ලස් කොමිසමෙන් රනිල්ට දින දෙයි

Published

on

By

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එළැඹෙන 25 වැනිදා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින එම කොමිසම දන්වා තිබේ.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා සම්බන්ධව සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහාය.

ඒ අනුව එළැඹෙන 25 වැනිදා පෙරවරු 09.30ට අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අල්ලස් කොමිසම දැනුම් දී තිබේ.

සබැඳි පුවත් :

අල්ලස් කොමිසමට කැඳවීම ගැන රනිල්ගෙන් නිවේදනයක්

Continue Reading

පුවත්

දේශබන්දුට අධිකරණයෙන් නියෝගයක්

Published

on

By

අධිකරණයෙන් ඇප ලබා පිටව යාමේදී අධිකරණ නියෝග කඩවන ආකාරයෙන් ක්‍රියාකිරීම සම්බන්ධයෙන් එළඹෙන අප්‍රේල් 25වනදා මාතර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස රාජකාරී අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට සහ ඔහුව අධිකරණයෙන් පිටතට රැගෙනයාමට භාවිත කළ මෝටර් රථයේ හිමිකරුට නියෝග කර තිබේ.

මාතර මහෙස්ත්‍රාත්වරයා විසින් එම නියෝගය ලබාදී තිබේ.

ඒ ඉකුත් අප්‍රේල් මස 10වනදා දේශබන්දු තෙන්නකෝන් ඇප ලබා මාතර මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයෙන් පිටව යාමේදී අධිකරණ නියෝග කඩ කර ඇති බවට නීතිපතිවරයා මෝසමක් මගින් අද (21) අධිකරණයට කළ කරුණු දැක්වීමෙන් අනතුරුවයි.

Continue Reading

පුවත්

මුළු ආණ්ඩුවක් එක්ක තනි මම රැම්බෝ වගේ (වීඩියෝ)

Published

on

By

මුළු ආණ්ඩුවක් සමඟම තමන් තනිව, සුප්‍රකට හොලිවුඩ් වීරයෙකු වන රැම්බෝ මෙන් සටනක නිරතව සිටින බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

පිල්ලෙයාන් රැදවුම්භාරයට ගනිමින්, ඉන් පසුව, පිල්ලෙයාන් හෙළිදරව්වක් සිද්ධ කලා යැයි කියමින් යම් කිසි පාර්ශ්වයක් අත්අඩංගුවට ගැනීමට රජය දියත් කර තිබුණු කුමන්ත්‍රණය, තමන් උපායශීලීව පිල්ලෙයාන් හමුවීමට යාම නිසා කඩාකප්පල් වූ බව ගම්මන්පිල මහතා විසින් පෙන්වා දෙනු ලබයි.

විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved