පුවත්

ෂාෆ්ටර් ඇඳ සිටි ඇඳුම් විශේෂඥ වෛද්‍ය කමිටුවට යොමු කරන්න කියයි

Published

on

ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතා මරණයට පත් වන අවස්ථාවේ ඇඳ සිටි ඇඳුම් දැනට රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව භාරයේ පවතින බැවින් ඒවා ලබාගෙන ඔහුගේ මරණයට හේතු සෙවීම සඳහා පත් කළ පංච පුද්ගල විශේෂඥ වෛද්‍ය කමිටුව වෙත යොමු කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ.

එමෙන්ම පොලිස් අපරාධ ස්ථාන පරීක්ෂණ කණ්ඩායම (SOCO) විසින් මරණය සිදු වූ ස්ථානයේ සහ මරණකරු සිටි වාහනය තුළ තිබි සොයාගත් ද්‍රව්‍ය, විමර්ශන සඳහා විශේෂඥ වෛද්‍ය කමිටුව වෙත භාර දෙන ලෙස ද මහෙස්ත්‍රාත්වරිය නියෝග කර තිබේ.

එම සිද්ධියට අදාළ මරණ පරීක්ෂණය යළි කැඳවූ අවස්ථාවේදී කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය විසින් මෙම නියෝගය නිකුත් ඇතැයි වාර්තා වේ.

අනතුරුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරිය අදාළ පරීක්ෂණය වාර්තා සැප්තැම්බර් මස  05 වනදා යළි කැඳවන ලෙස නියෝග කළාය.
(මූලාශ්‍රය : අද දෙරණ)

Trending

Exit mobile version