පුවත්

ෂාෆ්ටර් ගේ දේහය ගොඩගනියි ; අධිකරණ නියෝගයක් කඩ වෙලාද?

Published

on

ජනශක්ති රක්ෂණ සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ දේහය යළි ගොඩගැනීමේ කටයුතු විශේෂ පොලිස් ආරක්ෂාවක් යටතේ අද සිදුකෙරුණි.

එම දේහය ෂාෆ්ටර් මහතාගේ පියා වන චන්දා ෂාෆ්ටර් හා සහෝදරයා වන රමේෂ් ෂාෆ්ටර් විසින් හදුනාගෙන තිබේ.

ෂාෆ්ටර් මහතාගේ දේහය ගොඩ ගැනීමේ කටයුතු කොළ අතිරේක මහේස්ත්‍රාත් සජින්දා ජයසූරිය මහත්මියගේ අධීක්ෂණය යටතේ සිදු කෙරුණි.

ෂාෆ්ටර් මහතාගේ මරණයට හේතුව සෙවීම සඳහා ඔහුගේ දේහය ගොඩගැනීමට අවශ්‍යව ඇති බව අදාළ මරණය සම්බන්ධයෙන් සොයාබැලීමට පත්කළ පංච පුද්ගල විශේෂ වෛද්‍ය මණ්ඩලය කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණායෙන් ඉල්ලීමක් කර තිබුණි.

කෙසේවෙතත්, දේහය ගොඩගැනීම විවෘතව සිදුකරන ලෙසට අධිකරණය දැනුම් දී තිබියදීත්, එම ස්ථානයට මාධ්‍යවේදීන්ට යාමට ඉඩ නොදී මාධ්‍ය කටයුතුවලට පොලිසිය බාධ කර ඇතැයි මාධ්‍යෙව්දීන් පවසයි.

මුලින් මාධ්‍යවේදීන්ට බොරැල්ල කනත්තට හෝ ඇතුල්වීමට ඉඩ ලබදී නොතිබුණු අතර පසුව කනත්තට ඇතුළුවීමට පොලිය අවසර ලබාදී තිබිණි.

කෙසේවුවද, මාධ්‍යවේදීන්ට කනත්ත ඇතුලටයාමට අවස්ථාව ලැබුණද ඔවුනට රැදීසිටීමට සිදුව ඇත්තේ දේහය ගොඩගැනීමේ ස්ථානයට මීටර් 30 ක් පමණ ඈතට වන්නටය.

සිරුර ගොඩ ගැනීම කටයුතු රහසිතව සිදුකරන ලෙසට පවුලේ ඥාතීන් අධිකරණයෙන් කළ ඉල්ලීමක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය මහත්මිය විසින් මීට කලින් ප්‍රතික්ෂේප කර තිබුණි.

දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ දේහය ගොඩගන්නා අවස්ථාව රහසිතව සිදුකිරීමට අවසර දෙන ලෙසත් එය නිරික්ෂණය කිරීම සදහා පවුලේ වෝහාරික වෛද්‍යවරයා එම ස්ථානයට කැදවීමට අවසර ලබා දෙන ලෙසත් මරණකරුගේ පවුලේ ඥාතීන් වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නිතීඥ අනූජ ප්‍රේමරත්න මහතා එලෙස ඉල්ලීමක් කළේය.

මෙම මරණයට අදාළව විශාල කැපකිරීමක් සිදුකළ අධිකරණය එය ස්වාධීනව කිරීම සදහා විශේෂ කමිටුවක් පත් කර ඇති බවත් එයට බලපෑම් එල්ල කිරීමට තමන් අකමැති බවත් සදහන් කළ මහේස්ත්‍රාත්වරිය, එම ඉල්ලීම් ප්‍රතික්ෂේප කර අද (25) පෙරවරු 8.30 වන විට දේහය ගොඩගන්නා ස්ථානයට පැමිණෙන ලෙසට පවුලේ ඥාතීන්ට නියෝග කළාය.

Trending

Exit mobile version