පුවත්

ෂී ගෙන් රනිල්ට හසුනක් !

Published

on

චීන ජනාධිපති ෂී ජින්පින් මහතා විසින් චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය චෙන් ජෝ මහතා අතේ ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් එවා තිබේ.

එම ලිපිය අද (14) චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය චෙන් ජෝ මහතා ඇතුළු ඉහළ පෙළේ නියෝජිත පිරිසක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වු අවස්ථාවේදී බාරදී තිබිණි.

ශ්‍රී ලංකා චීන තානාපති කාර්යාලය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මේ බව අනාවරණය කර තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ ආර්ථිකය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා චීනයේ සහාය අපේක්ෂා කරන බවද චෙන් ජෝ මහතාට පවසා ඇත.

Trending

Exit mobile version