ඉන්ධන හල්වල අවශ්‍යතරම් ඉන්ධන තොග පැවැතිය ද ඉන්ධන අලෙවිය අඩු වී ඇතැයි ඉන්ධන හල් හිමියන්ගේ සංගමයේ සභාපති ෂෙල්ටන් ප්‍රනාන්දු මහතා කියයි.
ඉන්ධන හල්වල ඉන්ධන අලෙවිය අඩුවීමත් විදුලි බිල වැඩිවීමත් නිසා බොහෝ ඉන්ධන හල් රාත්‍රී 9.00 හෝ 10.00 වන විට වසා දමන තත්ත්වයක් මතුව ඇතැයි ද ඒ මහතා කියා සිටී.
වෙනත් වර්ෂවලදී උත්සව සමය තුළ ඉන්ධන හල් අලුයම 1.00 හෝ 2.00 දක්වා විවෘතව තබා සිටියත්, පවතින ආර්ථික තත්ත්වය හමුවේ සේවක වැටුප්, අතිකාල ගෙවීම වැනි කටයුතු සඳහා වැඩිපුර ගෙවීම් සිදු කිරීමට අපොහොසත්වීම නිසා ඉන්ධන හල් හිමියන් එසේ සිදු කරන බවද ඔහු සඳහන් කරයි.