තායිලන්තයේ පතායාහීදී සංක්‍රාන්ති ලිංගික කාන්තාවකගේ අඩි උස සපත්තුවෙන් පහර කා හිසේ ලේ ගලන තුවාල සහිතව සිටි ශ්‍රී ලාංකික සංචාරකයකු ඉකුත්දා රාත්‍රියේ එම ප්‍රදේශයේ පොලිසියට හමුව තිබේ.
ලිංගික සේවාවක් ලබාගැනීම සම්බන්ධයෙන් දෙදෙනා අතර සිදුවූ සිදුවීමක් අවසානයේ උරණ වූ 29 හැවිරිදි එකී සංක්‍රාන්ති ලිංගික කාන්තාව විසින් මෙම 54 හැවිරිදි ශ්‍රී ලාංකිකයාට ඇය පැලඳ සිටි අඩි උස සපත්තුවෙන් ඔහුගේ හිසට පහර කිහිපයක් එල්ල කිරීම හේතුවෙන් ඔහු මෙලෙස තුවාල ලබා තිබේ.
පහර දුන් කාන්තාව විසින් පොලිසියට පවසා ඇති අන්දමට එම ශ්‍රී ලාංකිකයා අදාළ කාන්තාවගෙන් ලිංගික සේවය ලබාගැනීම සඳහා මිල ගණන් විමසීමෙන් අනතුරුව, ඇය සැබැවින්ම කාන්තාවක් දැයි සැක හැර දැන ගැනීමට තමන්ට අවැසි බව කියමින් ඔහු ඇය ස්පර්ශ කර තිබේ.
නමුත් එක්වරක් එසේ ස්පර්ශ කිරීමෙන් අනතුරුව තමන්ට ඇයගේ ලිංගිකත්වය පිළිබඳ පැහැදිලි අදහසක් ලබාගැනීමට නොහැකි වූ බව පවසමින් නැවත වරක් ඇයව එලෙස ස්පර්ශ කිරීමට උත්සහ දරා ඇති අතර තමන්ට කිසිදු මුදලක් නොගෙවා නැවතත් එලෙස කිරීම සම්බන්ධයෙන් කෝපයට පත්ව තමන් එසේ පරහදීමට පෙලැඹුණු බවත් සංක්‍රාන්ති ලිංගික කාන්තාව විසින් පොලිසිය හමුවේ පවසා තිබිණි.