සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා පත් කෙරුණු අමාත්‍ය අනුකමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
නිර්දේශ 25ක් සහිතව එම අනුකමිටුව විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති වාර්තාව, සංචාරක හා ඉඩම් අමාත්‍යවරයා විසින් අමාත්‍ය මණ්ඩල අනුමැතියට ඉදිරිපත් කර ඇති අතර එකී නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය එකඟතාවය පළ කර ඇත.
මේ කමිටුව ස්ථාපිත කෙරුණේ වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් හා තවත් අමාත්‍යවරුන් හය දෙනකුගේ සහභාගීත්වයෙනි.
සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමට දැනට පවතින බාධාවන් සහ අවස්ථාවන් හඳුනා ගනිමින් එකී බාධා ඉවත් කොට පවතින අවස්ථාවන් උපරිම ඵලදායී අයුරින් ප්‍රයෝජනයට ගැනීම සඳහා ගත යුතු පියවර සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම මෙම අමාත්‍ය මණ්ඩල අනුකමිටුවේ වගකීමයි.