Connect with us

පුවත්

සංචාරක ක්ෂේත්‍රයේ නව පිබිදීමක්

Published

on

2029 වසර වන විට ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය තුළ මින් පෙර ළඟා කරගැනීමට අසීරු වූ ඉලක්කද සපුරා ගත හැකි බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති බුද්ධික හේවාවසම් මහතා පවසයි.

2024 ජාතික සංචාරක සම්මාන උළෙලේදී අදහස් දක්වමින් ඔහු පවසා සිටියේ සංචාරක ක්ෂේත්‍රයේ මේ දිනවල දක්නට ඇති පිබිදීමක් පෙන්නුම් කර ඇත්තේ 2018 වසරෙන් පසු පළමු වතාවට බවය.

2024 වර්ෂය අවසාන වන විට මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව  මිලියන 2.1ක් වනු ඇති අතර  ඉන් ලැබෙන ආදායම ඩොලර් බිලියන 3 ඉක්මවනු ඇති බවට අපේක්ෂා කරන බවත් ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

 බුද්ධික හේවාවසම් මහතා තවදුරටත් සඳහන් කළේ මේ වන විට හෝටල්වලට කාමර වෙන්කරවා ගැනීමේ ප්‍රමාණ නැවත 80% දක්වා ඉහළ යමින් පවතින අතර එය වසර පහකට ආසන්න කාලයක් තිස්සේ සංචාරක ක්ෂේත්‍රයේ නොතිබූ ප්‍රබෝධමත් මට්ටමක් ඉස්මතු කරන බවය.

සංචාරක ව්‍යාපරයේ හොඳම වසර ඉදිරියෙන් ඇති බවත් මේ වසරේ ශීත සෘතුව, ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරයේ නව පරිච්ඡේදයක ආරම්භය සනිටුහන් කරන බවත් ඔහු  පවසා තිබේ.

සංචාරක ක්ෂේත්‍රයෙන් මේ වන විට ජාතික ආර්ථිකයට දක්වන දායකත්වය 11% ක් වන අතර එය නිවැරදි ප්‍රතිපත්ති සහ සාමූහික කැපවීම සමඟ 15%-20% දක්වා වර්ධනය කළ හැකි බවද බුද්ධික හේවාවසම් මහතා මෙහිදී තවදුරටත් අවධාරණය කලේය.

පුවත්

හිටපු අමාත්‍ය මහින්දානන්ද අධිකරණයට පැමිණේ

Published

on

By

ඉකුත් රජය සමයේ ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර නැවක් ආනයනය කර රුපියල් කෝටි 130ක පාඩුවක් කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් වරෙන්තු ලබා සිටි හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ අද (19) කොළඹ අලුත්කඩේ අධිකරණයට පැමිණියේය.

අල්ලස් කොමිසම මගින් ඔහුට එරෙහිව චෝදනා නගා ඇත.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

අදින් ඇරඹෙන ඩෙංගු සතිය

Published

on

By

අද (19) සිටකොළඹ, මහනුවර, ගම්පහ, රත්නපුර, කළුතර ඇතුළු දිස්ත්‍රික්ක දොළහක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස අනූපහක (95) විශේෂ ඩෙංගු මර්දන සතියක් ප්‍රකාශය පත්කර තිබේ.

ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ප්‍රකාශ කළේ ඩෙංගු ශීඝ්‍ර ව්‍යාප්තිය සමග මෙසේ ඩෙංගු මර්දන විශේෂ සතියක් ප්‍රකාශය පත්කර ඇති බවය.

මේ මාසයේ ගතවූ දින දොළහට පමණක් ඩෙංගු රෝගීන් 2178 ක් වාර්තා වී තිබේ. එසේම මේ වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගින් 19724කු වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මාර්දන ඒකකය සඳහන් කරයි.

පවතින අයහපත් කාලගුණය මෙසේ ඩෙංගු රෝගින් වැඩිවීමට එක් හේතුවක් බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරයි.

ඩෙංගු සහ චිකුන්ගුන්‍යා යන රෝග දෙකම මේ වනවිට ව්‍යාප්තවෙමින් පවතින නිසා යම් පුද්ගලයකුට උණ රෝගය වැලඳී ඇත්නම් පැරසිටමෝල් ඖෂධය පමණක් ලබාගන්න ලෙස ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය අනෝජා වීරසිංහ මහත්මිය පැවසුවාය.යම් හෙයකින් එම උණ රෝගියාට ඩෙංගු වෛරසය ආසාදනය වී ඇත්නම් වෙනත් වේදනානාශක ගතහොත් ශරීර අභ්‍යන්තරයේ රුධිරය වහනයවීමක් සිදුවිය හැකි බව ඇය අවධාරණය කර සිටියාය.

දින තුනකට වඩා උණ පවතිනම් වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවන ලෙස සෞඛ්‍ය අංශ ජනතාවට උපදෙස් ලබා දෙයි. 

Continue Reading

පුවත්

චාමරට ඇප

Published

on

By

බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් මහතාව ඇප මත මුදාහැරීමට බදුල්ල මහෙස්ත්‍රාත් නුජිත් ද සිල්වා මහතා විසින් අද (19) නියෝග කරන ලදී.

ඒ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් වූ ඇප අයැදුම සලකා බැලීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 10 බැගින් වූ ඇප දෙකක් මතය.

පොදු දේපල පනත යටතේ පවරා ඇති නඩුවකට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා අද පෙරවරු 9.00ට පමණ බදුල්ල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන ආවේය.

ඌව පළාත් මහ ඇමැති වශයෙන් කටයුතු කරමින් සිටියදී 2016 වර්ෂයේ දී පෙර පාසල් ළමුන් සඳහා පාසල් පොත් බෑග් ලබාදීම සඳහා රාජ්‍ය බැංකුවක් විසින් ලබාදුන් රුපියල් ලක්ෂ දහයක මුදලක් සාවද්‍ය පරිහරණය කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පොදු දේපොළ පණත යටතේ මන්ත්‍රීවරයාට එරෙහිව මෙම නඩුව පවරා තිබුණි.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved